Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #37 Translated in Sinhalese

وَلْيَسْتَعْفِفِ الَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغْنِيَهُمُ اللَّهُ مِنْ فَضْلِهِ ۗ وَالَّذِينَ يَبْتَغُونَ الْكِتَابَ مِمَّا مَلَكَتْ أَيْمَانُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًا ۖ وَآتُوهُمْ مِنْ مَالِ اللَّهِ الَّذِي آتَاكُمْ ۚ وَلَا تُكْرِهُوا فَتَيَاتِكُمْ عَلَى الْبِغَاءِ إِنْ أَرَدْنَ تَحَصُّنًا لِتَبْتَغُوا عَرَضَ الْحَيَاةِ الدُّنْيَا ۚ وَمَنْ يُكْرِهْهُنَّ فَإِنَّ اللَّهَ مِنْ بَعْدِ إِكْرَاهِهِنَّ غَفُورٌ رَحِيمٌ
තවද විවාහය සඳහා (යමක්) නොලබන්නන් අල්ලාහ් ඔහුගේ අනුග්රහයෙන් ඔවුන් පොහොසත් කරවන තෙක් පිවිතුරුභාවය රැකිය යුතුය. නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය අතරින් (නිදහස්භාවය) ලියන්නට අපේක්ෂා කරන්නන්ට ඔවුන් අතර යහපත ඇතැයි දන්නෙහු නම් ඔවුනට නුඹලා (නිදහස්භාවය) ලියා දෙනු. නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ ධනයෙන් නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා මෙලොව ජීවිතයේ සම්පත සොයනු පිණිස පිවිතුරුභාවය රකින්නට සිතූ වහල් තරුණියන් අපචාරය වෙත බල නොකරනු. තවද කවරෙකු ඔවුනට බල කරන්නේ ද එසේ ඔවුනට බල කරනු ලැබීමෙන් පසු ව ද නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
وَلَقَدْ أَنْزَلْنَا إِلَيْكُمْ آيَاتٍ مُبَيِّنَاتٍ وَمَثَلًا مِنَ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ وَمَوْعِظَةً لِلْمُتَّقِينَ
තවද සැබැවින්ම අපි නුඹලා වෙත පැහැදිලි කරන වදන් ද නුඹලාට පෙර ඉකුත් ව ගියවුන් පිළිබඳ නිදසුන් ද බිය බැතිමතුන්හට උපදෙස් ද පහළ කළෙමු
اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ ۖ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ ۖ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَيْتُونَةٍ لَا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ۚ نُورٌ عَلَىٰ نُورٍ ۗ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشَاءُ ۚ وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ආලෝකයයි. ඔහුගේ ආලෝකයට උපමාව පහනක් ඇති බිත්ති කුහරයක් මෙනි. එම පහන පළිඟුවක් තුළය. එම පළිඟු ව බැබළෙන තරුවක් මෙනි. අභිවෘද්ධිමත් ඔලිව් ගසින් දවාලනු ලබන්නකි. එය නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ අයත් නැත. ගින්න එ(ම තෙල) ස්පර්ශ නොකළ ද එය ආලෝකය විහිදුවයි. ආලෝකය මත ආලෝකයයි. අල්ලාහ් අභිමත කරන අයට එම ආලෝකය වෙතට මග පෙන්වයි. ජනයාට මෙම උපමාවන් අල්ලාහ් ගෙන හැර පාන්නේය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය.
فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ
ඒවා උසට ඉදිකරනු ලබන්නටත් එහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලබන්නටත් (අල්ලාහ්ගේ) නිවෙස් හි අල්ලාහ් අවසර දී ඇත. එහි උදේ සවස ඔහු ව (මිනිසුන්) ඔහුව සුවිශුද්ධ කරති.
رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ ۙ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ
(ඔවුහු) තම ව්යාපාරය හෝ ගනු දෙනුව හෝ අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ද සලාතය විධිමත් ව ඉටු කිරීමෙන් ද සකාත් පිරිනැමීමෙන් ද ඔවුන් වෙනතකට යොමු නොකළ මිනිසුන්ය. හදවත් හා දෘෂ්ටීන් පෙරළෙන දිනයකට ඔවුහු බිය වෙති.

Choose other languages: