Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #39 Translated in Sinhalese

اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ ۖ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ ۖ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَيْتُونَةٍ لَا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ۚ نُورٌ عَلَىٰ نُورٍ ۗ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشَاءُ ۚ وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ආලෝකයයි. ඔහුගේ ආලෝකයට උපමාව පහනක් ඇති බිත්ති කුහරයක් මෙනි. එම පහන පළිඟුවක් තුළය. එම පළිඟු ව බැබළෙන තරුවක් මෙනි. අභිවෘද්ධිමත් ඔලිව් ගසින් දවාලනු ලබන්නකි. එය නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ අයත් නැත. ගින්න එ(ම තෙල) ස්පර්ශ නොකළ ද එය ආලෝකය විහිදුවයි. ආලෝකය මත ආලෝකයයි. අල්ලාහ් අභිමත කරන අයට එම ආලෝකය වෙතට මග පෙන්වයි. ජනයාට මෙම උපමාවන් අල්ලාහ් ගෙන හැර පාන්නේය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය.
فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ
ඒවා උසට ඉදිකරනු ලබන්නටත් එහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලබන්නටත් (අල්ලාහ්ගේ) නිවෙස් හි අල්ලාහ් අවසර දී ඇත. එහි උදේ සවස ඔහු ව (මිනිසුන්) ඔහුව සුවිශුද්ධ කරති.
رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ ۙ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ
(ඔවුහු) තම ව්යාපාරය හෝ ගනු දෙනුව හෝ අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ද සලාතය විධිමත් ව ඉටු කිරීමෙන් ද සකාත් පිරිනැමීමෙන් ද ඔවුන් වෙනතකට යොමු නොකළ මිනිසුන්ය. හදවත් හා දෘෂ්ටීන් පෙරළෙන දිනයකට ඔවුහු බිය වෙති.
لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُمْ مِنْ فَضْلِهِ ۗ وَاللَّهُ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ
එය ඔවුන් සිදු කළ වඩාත් අලංකාර දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල පිරිනැමීම පිණිසත් ඔහුගේ අනුග්රහය තුළින් ඔවුනට සමෘධිමත් කරනු පිණිසත්ය. තවද අල්ලාහ් අභිමත කරන අයට කිසිදු ගණනයකින් තොරව පෝෂණය කරයි.
وَالَّذِينَ كَفَرُوا أَعْمَالُهُمْ كَسَرَابٍ بِقِيعَةٍ يَحْسَبُهُ الظَّمْآنُ مَاءً حَتَّىٰ إِذَا جَاءَهُ لَمْ يَجِدْهُ شَيْئًا وَوَجَدَ اللَّهَ عِنْدَهُ فَوَفَّاهُ حِسَابَهُ ۗ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් කාන්තාරයේ ඇති මිරිඟුවකට සමානය. පිපාසිතයා එය ජලය යැයි සිතයි. නමුත් ඔහු එහි පැමිණි විට ඔහු එය කිසිවක් ලෙස නොදකිනු ඇත. තවද ඔහු එහි අල්ලාහ් ව දකිනු ඇත. ඔහුගේ විනිශ්චය අල්ලාහ් සම්පූර්ණ කළේය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.

Choose other languages: