Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #27 Translated in Sinhalese

إِنَّ الَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ الْغَافِلَاتِ الْمُؤْمِنَاتِ لُعِنُوا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන, අහිංසක, පතිවත රකින කාන්තාවන්හට අවලාද පවසන්නන් වනාහි ඔවුන් මෙලොවෙහි හා මතු ලොවෙහි ශාප කරනු ලැබුවෝය. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ දිවවල් ද ඔවුන්ගේ අත් ද ඔවුන්ගේ පාද ද ඔවුනට එරෙහි ව එදින සාක්ෂි දරනු ඇත.
يَوْمَئِذٍ يُوَفِّيهِمُ اللَّهُ دِينَهُمُ الْحَقَّ وَيَعْلَمُونَ أَنَّ اللَّهَ هُوَ الْحَقُّ الْمُبِينُ
එදින ඔවුන් ගැන සැබෑ විනිශ්චය අල්ලාහ් ඔවුනට පූර්ණ ව පිරිනමයි. නියත වශයෙන්ම අල්ලාහ් වනාහි ඔහුමය පැහැදිලි සත්යය වනුයේ යැයි ඔවුහු දැන ගනු ඇත.
الْخَبِيثَاتُ لِلْخَبِيثِينَ وَالْخَبِيثُونَ لِلْخَبِيثَاتِ ۖ وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ ۚ أُولَٰئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَ ۖ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
අසභ්ය කාන්තාවෝ අසභ්ය පුරුෂයින් වෙනුවෙනි. තවද අසභ්ය පුරුෂයෝ අසභ්ය කාන්තාවන් වෙනුවෙනි. තවද දැහැමි කාන්තාවෝ දැහැමි පුරුෂයින් වෙනුවෙනි. තවද දැහැමි පුරුෂයෝ දැහැමි කාන්තාවන් වෙනුවෙනි. ඔවුහු ඔවුන් පවසන දැයින් නිදොස් වූවෝ වෙති. ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّىٰ تَسْتَأْنِسُوا وَتُسَلِّمُوا عَلَىٰ أَهْلِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ නිවෙස් නොවන නිවෙස් වලට නුඹලා අවසර පතා එහි වැසියන්ට නුඹලා සලාම් පවසන තෙක් ඇතුළු නොවනු. එය නුඹලාට ශ්රේෂ්ඨය. (මෙය) නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස.

Choose other languages: