Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #26 Translated in Sinhalese

وَلَا يَأْتَلِ أُولُو الْفَضْلِ مِنْكُمْ وَالسَّعَةِ أَنْ يُؤْتُوا أُولِي الْقُرْبَىٰ وَالْمَسَاكِينَ وَالْمُهَاجِرِينَ فِي سَبِيلِ اللَّهِ ۖ وَلْيَعْفُوا وَلْيَصْفَحُوا ۗ أَلَا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللَّهُ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
තවද සමීප ඥාතීන්ට, දුප්පතුන්ට, අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගියවුන්ට පිරි නොනමන බවට නුඹලා අතරින් භාග්ය සම්පන්නයින් හා වස්තුව ඇත්තන් දිවුරිය නොයුතුය. (ඔවුනට) ඔවුහු සමාව දෙත්වා! තවද (ඒ ගැන)නොසළකා හරිත්වා! අල්ලාහ් නුඹලාට සමාව දීම ගැන නුඹලා ප්රිය නොකරන්නෙහු ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
إِنَّ الَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ الْغَافِلَاتِ الْمُؤْمِنَاتِ لُعِنُوا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන, අහිංසක, පතිවත රකින කාන්තාවන්හට අවලාද පවසන්නන් වනාහි ඔවුන් මෙලොවෙහි හා මතු ලොවෙහි ශාප කරනු ලැබුවෝය. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ දිවවල් ද ඔවුන්ගේ අත් ද ඔවුන්ගේ පාද ද ඔවුනට එරෙහි ව එදින සාක්ෂි දරනු ඇත.
يَوْمَئِذٍ يُوَفِّيهِمُ اللَّهُ دِينَهُمُ الْحَقَّ وَيَعْلَمُونَ أَنَّ اللَّهَ هُوَ الْحَقُّ الْمُبِينُ
එදින ඔවුන් ගැන සැබෑ විනිශ්චය අල්ලාහ් ඔවුනට පූර්ණ ව පිරිනමයි. නියත වශයෙන්ම අල්ලාහ් වනාහි ඔහුමය පැහැදිලි සත්යය වනුයේ යැයි ඔවුහු දැන ගනු ඇත.
الْخَبِيثَاتُ لِلْخَبِيثِينَ وَالْخَبِيثُونَ لِلْخَبِيثَاتِ ۖ وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ ۚ أُولَٰئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَ ۖ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
අසභ්ය කාන්තාවෝ අසභ්ය පුරුෂයින් වෙනුවෙනි. තවද අසභ්ය පුරුෂයෝ අසභ්ය කාන්තාවන් වෙනුවෙනි. තවද දැහැමි කාන්තාවෝ දැහැමි පුරුෂයින් වෙනුවෙනි. තවද දැහැමි පුරුෂයෝ දැහැමි කාන්තාවන් වෙනුවෙනි. ඔවුහු ඔවුන් පවසන දැයින් නිදොස් වූවෝ වෙති. ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත.

Choose other languages: