Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #36 Translated in Sinhalese

وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللَّهُ بِهِ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ ۚ لِلرِّجَالِ نَصِيبٌ مِمَّا اكْتَسَبُوا ۖ وَلِلنِّسَاءِ نَصِيبٌ مِمَّا اكْتَسَبْنَ ۚ وَاسْأَلُوا اللَّهَ مِنْ فَضْلِهِ ۗ إِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا
තවද නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා අල්ලාහ් කවර දෙයකින් උසස් කොට ඇත්තේ ද එවැනි දෙයකට නුඹලා ආශා නොකරනු. පුරුෂයින්ට ඔවුන් ඉපැයූ දැයින් කොටසක් ඇත. එමෙන්ම කාන්තාවන්ට ද ඔවුන් ඉපැයූ දැයින් කොටසක් ඇත. තවද නුඹලා අල්ලාහ්ගෙන් ඔහුගේ භාග්‍යය පතනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ ۚ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدًا
(ස්ත්‍රී පුරුෂ) සෑම කෙනෙකුටම, දෙමාපියන් ද සමීප ඥාතීන් ද අතහැර දමා ගිය දෑ ට, භාරකරුවන් පත් කළෙමු. නුඹලාගේ දිවුරුම් ගිවිස ගත් අය වනාහි ඔවුනට ඔවුන්ගේ කොටස පිරිනමනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සාක්ෂිකරුය.
الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ أَمْوَالِهِمْ ۚ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ بِمَا حَفِظَ اللَّهُ ۚ وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا
පුරුෂයින් කාන්තාවන් මත වූ පාලකයෝය. හේතුව අල්ලාහ් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් කර ඇති බැවින් ද ඔවුන්ගේ ධනයෙන් ඔවුන් වියදම් කරන බැවින් ද වේ. දැහැමි කාන්තාවෝ (සැමියාට) අවනත වන, අල්ලාහ්ගේ ආරක්ෂාවෙන් (සිය සැමියන්) නැති විටක (ඔවුන්ගේ අයිතිවාසිකම්) ආරක්ෂා කරන අය වෙති. ඔවුන්ගේ අඩදබර ගැන නුඹලා බියවන අය වනාහි ඔවුනට නුඹලා උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන් ව දුරස් කරනු. තවද ඔවුනට (තරවටු කිරීමක් වශයෙන්) ගසනු. ඉන්පසුව ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුන් කෙරෙහි (අයුක්තියක් කරන්නට) මඟක් නොසොයනු. සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර අති මහත් ය.
وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُوا حَكَمًا مِنْ أَهْلِهِ وَحَكَمًا مِنْ أَهْلِهَا إِنْ يُرِيدَا إِصْلَاحًا يُوَفِّقِ اللَّهُ بَيْنَهُمَا ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا
තවද ඔවුන් දෙදෙනා අතර වෙන්වීමක් ඇති වේවි යැයි නුඹලා බිය වෙතොත් ඔහුගේ පවුලෙන් යුක්තිය පසිඳලන කෙනෙකු ද ඇයගේ පවුලෙන් යුක්තිය පසිඳලන කෙනෙකු ද (ඔවුන් වෙත යවනු) සමාදානය කළ හැකි යැයි ඔවුන් දෙදෙනා අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් ඔවුන් දෙදෙනා අතර ආශිර්වාද කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; සර්ව ප්‍රඥාවන්තය.
وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَىٰ وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنْبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ ۗ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَنْ كَانَ مُخْتَالًا فَخُورًا
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොකරනු. තවද දෙමාපියන් සමඟ උපකාරශීලී ව කටයුතු කරනු. තවද ඥාතී අයවලුන්, අනාථයින්, දුගියන්, ඥාති අසල්වැසියා, (ඥාති නොවන) අසල්වැසියා, අසලින් සිටින සගයා, මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (ඔබලා යටතේ සිටින වහලුන්) සමඟ ද උපාකාරශීලී ව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අහංකාරකම් පාන පුරසාරම් දොඩන අය ව ප්‍රිය නොකරන්නේය.

Choose other languages: