Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #140 Translated in Sinhalese

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلُ ۚ وَمَنْ يَكْفُرْ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ දූතයාණන් ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමඟ ගියේය.
إِنَّ الَّذِينَ آمَنُوا ثُمَّ كَفَرُوا ثُمَّ آمَنُوا ثُمَّ كَفَرُوا ثُمَّ ازْدَادُوا كُفْرًا لَمْ يَكُنِ اللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ سَبِيلًا
සැබැවින්ම විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කොට, නැවතත් විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කොට, පසුව ප්‍රතික්ෂේපය වර්ධනය කර ගත්තවුනට සමාව දීම හෝ ඔවුනට යම් මඟක් පෙන්වීම අල්ලාහ්ට යුතු නොවීය.
بَشِّرِ الْمُنَافِقِينَ بِأَنَّ لَهُمْ عَذَابًا أَلِيمًا
සැබැවින්ම තමන්ට වේදනීය දඬුවමක් ඇති බව කුහකයින්ට ශුභාරංචි දන්වනු.
الَّذِينَ يَتَّخِذُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۚ أَيَبْتَغُونَ عِنْدَهُمُ الْعِزَّةَ فَإِنَّ الْعِزَّةَ لِلَّهِ جَمِيعًا
දේවත්වය විශ්වාස කළවුන් හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ව භාරකරුවන් ලෙස ගත්තවුන් ඔවුන් වෙතින් ගෞරවය සොයන්නෝ ද? (දැන ගනු) සැබැවින්ම සියලු ගෞරවයන් අල්ලාහ් සතුය.
وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ أَنْ إِذَا سَمِعْتُمْ آيَاتِ اللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا مَعَهُمْ حَتَّىٰ يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ ۚ إِنَّكُمْ إِذًا مِثْلُهُمْ ۗ إِنَّ اللَّهَ جَامِعُ الْمُنَافِقِينَ وَالْكَافِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا
අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනු ලැබීම, ඒවා සමච්චලයට ලක් කරනු ලැබීම නුඹලාගේ සවනට වැකුණේ නම්, ඔවුහු ඒ හැර වෙනත් කතාවක නියැළෙන තෙක් නුඹලා ඔවුන් සමඟ වාඩි නොවනු. (නැතහොත්) නියත වශයෙන්ම නුඹලා ද එවිට ඔවුන් මෙන් වන්නෙහුය යැයි ධර්ම ග්‍රන්ථයේ නුඹලා වෙත පහළ කර ඇ. නියත වශයෙන්ම අල්ලාහ් කුහකයින් හා දේව ප්‍රතික්ෂේපකයින් යන සියල්ලෝම නිරයට එක් රැස් කරන්නාය.

Choose other languages: