Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #84 Translated in Sinhalese

وَاللَّهُ جَعَلَ لَكُمْ مِنْ بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُمْ مِنْ جُلُودِ الْأَنْعَامِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ ۙ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَا أَثَاثًا وَمَتَاعًا إِلَىٰ حِينٍ
තවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට සෙවණක් අල්ලාහ් නුඹලාට ඇති කළේය. තවද නුඹලා ගමන් බිමන් යන දිනක හෝ නුඹලා නැවතී සිටින දිනක එය (රැගෙන යාමට) නුඹලාට පහසු වන නවාතැන් ගොවිපළ සතුන්ගේ සමින් නුඹලාට ඇති කළේය. තවද උන්ගේ බැටළු රෝම වලින් ද එළු රෝම වලින් ද ඔටු රෝම වලින් ද භාණ්ඩ හා මද කලකට භුක්ති විඳීමක් ද (ඇති කළේය.)
وَاللَّهُ جَعَلَ لَكُمْ مِمَّا خَلَقَ ظِلَالًا وَجَعَلَ لَكُمْ مِنَ الْجِبَالِ أَكْنَانًا وَجَعَلَ لَكُمْ سَرَابِيلَ تَقِيكُمُ الْحَرَّ وَسَرَابِيلَ تَقِيكُمْ بَأْسَكُمْ ۚ كَذَٰلِكَ يُتِمُّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ
තවද අල්ලාහ් තමන් මැවූ දැයින් නුඹලාට සෙවණ ඇති කළේය. තවද ඔහු නුඹලාට කඳුවල ලෙන් ද ඇති කළේය. උණුසුමින් නුඹලා ව ආරක්ෂා කරන කබා හා (යුද්ධයේ දී) නුඹලාට ඇති වන අනතුරු වලින් ආරක්ෂා කරන කබා ද ඔහු නුඹලාට ඇති කළේය. එලෙස නුඹලා යටහත් විය හැකි වනු පිණිස ඔහු ඔහුගේ ආශිර්වාදය නුඹලාට සම්පූර්ණ කරන්නේය.
فَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ الْمُبِينُ
නමුත් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන්ම නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) පැහැදිලි ව දන්වා සිටීම පමණි.
يَعْرِفُونَ نِعْمَتَ اللَّهِ ثُمَّ يُنْكِرُونَهَا وَأَكْثَرُهُمُ الْكَافِرُونَ
අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු දනිති. පසු ව ඔවුහු එය ප්‍රතික්ෂේප කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝය.
وَيَوْمَ نَبْعَثُ مِنْ كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لَا يُؤْذَنُ لِلَّذِينَ كَفَرُوا وَلَا هُمْ يُسْتَعْتَبُونَ
තවද එදින සෑම සමූහයකින්ම සාක්ෂිකරුවකු අප නැගිටුවන්නෙමු. පසු ව ප්‍රතික්ෂේප කළවුනට (කිසිදු කටයුත්තක් සඳහා) අවසර දෙනු නොලබනු ඇත. තවද ඔවුහු (අල්ලාහ් වෙත නැඹුරුවන මෙන්) බල කරනු ලබන්නන් ද නොවෙති.

Choose other languages: