Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #82 Translated in Sinhalese

وَاللَّهُ أَخْرَجَكُمْ مِنْ بُطُونِ أُمَّهَاتِكُمْ لَا تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ
තවද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලා ව බැහැර කළේ අල්ලාහ්ය. තවද ඔහු නුඹලාට ශ්‍රවණය ද බැල්ම ද හදවත් ද ඇති කළේය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස.
أَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاءِ مَا يُمْسِكُهُنَّ إِلَّا اللَّهُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
අහස් ගැබෙහි වසඟ කරනු ලැබූ පක්ෂීන් දෙස ඔවුහු නොබැලුවෝ ද? අල්ලාහ් හැර වෙනත් කිසිවකු උන් රඳවා තබන්නේ නැත. නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.
وَاللَّهُ جَعَلَ لَكُمْ مِنْ بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُمْ مِنْ جُلُودِ الْأَنْعَامِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ ۙ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَا أَثَاثًا وَمَتَاعًا إِلَىٰ حِينٍ
තවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට සෙවණක් අල්ලාහ් නුඹලාට ඇති කළේය. තවද නුඹලා ගමන් බිමන් යන දිනක හෝ නුඹලා නැවතී සිටින දිනක එය (රැගෙන යාමට) නුඹලාට පහසු වන නවාතැන් ගොවිපළ සතුන්ගේ සමින් නුඹලාට ඇති කළේය. තවද උන්ගේ බැටළු රෝම වලින් ද එළු රෝම වලින් ද ඔටු රෝම වලින් ද භාණ්ඩ හා මද කලකට භුක්ති විඳීමක් ද (ඇති කළේය.)
وَاللَّهُ جَعَلَ لَكُمْ مِمَّا خَلَقَ ظِلَالًا وَجَعَلَ لَكُمْ مِنَ الْجِبَالِ أَكْنَانًا وَجَعَلَ لَكُمْ سَرَابِيلَ تَقِيكُمُ الْحَرَّ وَسَرَابِيلَ تَقِيكُمْ بَأْسَكُمْ ۚ كَذَٰلِكَ يُتِمُّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ
තවද අල්ලාහ් තමන් මැවූ දැයින් නුඹලාට සෙවණ ඇති කළේය. තවද ඔහු නුඹලාට කඳුවල ලෙන් ද ඇති කළේය. උණුසුමින් නුඹලා ව ආරක්ෂා කරන කබා හා (යුද්ධයේ දී) නුඹලාට ඇති වන අනතුරු වලින් ආරක්ෂා කරන කබා ද ඔහු නුඹලාට ඇති කළේය. එලෙස නුඹලා යටහත් විය හැකි වනු පිණිස ඔහු ඔහුගේ ආශිර්වාදය නුඹලාට සම්පූර්ණ කරන්නේය.
فَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ الْمُبِينُ
නමුත් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන්ම නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) පැහැදිලි ව දන්වා සිටීම පමණි.

Choose other languages: