Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #67 Translated in Sinhalese

تَاللَّهِ لَقَدْ أَرْسَلْنَا إِلَىٰ أُمَمٍ مِنْ قَبْلِكَ فَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَهُوَ وَلِيُّهُمُ الْيَوْمَ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
අල්ලාහ් මත දිවුරමින්. නුඹට පෙර සිටම, සැබැවින්ම අපි සමූහයන් වෙත ධර්ම දූතයින් එව්වෙමු. නමුත් ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාරවත් කළේය. එහෙයින් අද දින ඔවුන්ගේ භාරකරු ඔහුය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
وَمَا أَنْزَلْنَا عَلَيْكَ الْكِتَابَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ الَّذِي اخْتَلَفُوا فِيهِ ۙ وَهُدًى وَرَحْمَةً لِقَوْمٍ يُؤْمِنُونَ
තවද කවර දෙයක ඔවුන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එය ඔවුනට නුඹ පැහැදිලි කරනු පිණිස ද දේවත්වය විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයක් වනු පිණිස ද මිස අපි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ නොකළෙමු.
وَاللَّهُ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَسْمَعُونَ
තවද අල්ලාහ් අහසින් ජලය පහළ කොට මහපොළොව මිය ගිය පසු ව එමගින් ඔහු එය ප්‍රාණවත් කරයි. සවන් දෙන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත.
وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُسْقِيكُمْ مِمَّا فِي بُطُونِهِ مِنْ بَيْنِ فَرْثٍ وَدَمٍ لَبَنًا خَالِصًا سَائِغًا لِلشَّارِبِينَ
තවද නියත වශයෙන්ම ගොවිපළ සතුන් තුළ නුඹලාට ආදර්ශයක් ඇත. උන්ගේ කුස තුළ මල හා ලේ අතර වූ දැයින් පානය කරන්නන්හට රසවත් පිරිසිදු කිරි අපි නුඹලාට පානය කිරීමට සපයන්නෙමු.
وَمِنْ ثَمَرَاتِ النَّخِيلِ وَالْأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَعْقِلُونَ
තවද ඉඳි හා මිදි (වැනි) පලතුරු වලින් ද (පානය කිරීමට සපයන්නෙමු.) නුඹලා ඉන් මත් පැන් හා ප්‍රණීත ආහාර ගන්නෙහුය. නියත වශයෙන්ම එහි අවබෝධ කර ජනයාට සංඥාවක් ඇත.

Choose other languages: