Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #62 Translated in Sinhalese

وَإِذَا بُشِّرَ أَحَدُهُمْ بِالْأُنْثَىٰ ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ
තවද ඔවුන්ගෙන් එක් අයකුට ගැහැනු දරුවකු පිළිබඳ ශුභාරංචි දන්වනු ලැබුවේ නම් ඔහු කෝපයට පත්වෙමින් ඔහුගේ මුහුණ කළු පැහැ වනු ඇත.
يَتَوَارَىٰ مِنَ الْقَوْمِ مِنْ سُوءِ مَا بُشِّرَ بِهِ ۚ أَيُمْسِكُهُ عَلَىٰ هُونٍ أَمْ يَدُسُّهُ فِي التُّرَابِ ۗ أَلَا سَاءَ مَا يَحْكُمُونَ
කවර දෙයක් පිළිබඳ ව ඔහුට ශුභාරංචි දෙනු ලැබුවේ ද එහි නපුර හේතුවෙන් එය අවමානය සමග රඳවා තබා ගන්නේ ද එසේ නැතහොත් වැල්ලෙහි සඟවන්නේ දැයි සිතා ජනයාගෙන් ඔහු සැඟවෙන්නට බලයි. දැන ගනු! ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
لِلَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ مَثَلُ السَّوْءِ ۖ وَلِلَّهِ الْمَثَلُ الْأَعْلَىٰ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
මතු ලොව පිළිබඳ විශ්වාස නොකළවුනට ඇත්තේ නපුරු උදාහරණයකි. අල්ලාහ්ට ඇත්තේ උසස් උදාහරණයකි. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِظُلْمِهِمْ مَا تَرَكَ عَلَيْهَا مِنْ دَابَّةٍ وَلَٰكِنْ يُؤَخِّرُهُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ
තවද ජනයාගේ අපරාධ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ප්‍රාණියෙක් ඔහු අත් හැර නොදමන්නට තිබුණි. එනමුත් නියමිත කාලයක් දක්වා ඔහු ඔවුන්ව ප්‍රමාද කරයි. ඔවුන්ගේ කාලය පැමිණි විට මොහොතක් හෝ ඔවුන් ප්‍රමාද නොවන අතර ඔවුන් ඉක්මන් ද නොවනු ඇත.
وَيَجْعَلُونَ لِلَّهِ مَا يَكْرَهُونَ وَتَصِفُ أَلْسِنَتُهُمُ الْكَذِبَ أَنَّ لَهُمُ الْحُسْنَىٰ ۖ لَا جَرَمَ أَنَّ لَهُمُ النَّارَ وَأَنَّهُمْ مُفْرَطُونَ
තවද ඔවුන් පිළිකුල් කරන දෑ අල්ලාහ්ට තබති. නියත වශයෙන්ම තමන්ට යහපත හිමි යැයි ඔවුන්ගේ දිවවල් බොරුව වර්ණනා කරති. නියත වශයෙන්ම ඔවුනට (නිරා) ගින්න ඇති බවටත් නියත වශයෙන්ම ඔවුන් (නිරා ගින්නෙහි) ප්‍රමුඛත්වය දෙනු ලැබූවන් බවටත් කිසිදු සැකයක් නොමැත.

Choose other languages: