Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #35 Translated in Sinhalese

جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ لَهُمْ فِيهَا مَا يَشَاءُونَ ۚ كَذَٰلِكَ يَجْزِي اللَّهُ الْمُتَّقِينَ
අද්න් (නම් සදා ස්ථීරව පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. ඔවුන් අභිමත කරන දෑ එහි ඔවුනට ඇත. බිය බැතිමතුන්හට අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය
الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ طَيِّبِينَ ۙ يَقُولُونَ سَلَامٌ عَلَيْكُمُ ادْخُلُوا الْجَنَّةَ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
ඔවුන් වනාහි ඔවුන් දැහැමියන්ව සිටිය දී මලක්වරුන් ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කර ගන්නා අය වෙති. නුඹලාට සලාම් (ශාන්තිය) අත්වේවා! නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් (ස්වර්ග) උයනට නුඹලා පිවිසෙනු යැයි ඔවුහු පවසති.
هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ أَمْرُ رَبِّكَ ۚ كَذَٰلِكَ فَعَلَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
ඔවුන් වෙත මලක්වරුන් පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ නියෝගය පැමිණීම හෝ හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝද ? ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද මෙලෙසමය. අල්ලාහ් ඔවුනට අපරාධ නොකළේය. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.
فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
එහෙයින් ඔවුන් සිදු කළ දෑහි නපුරු විපාක ඔවුනට අත් විය. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය.
وَقَالَ الَّذِينَ أَشْرَكُوا لَوْ شَاءَ اللَّهُ مَا عَبَدْنَا مِنْ دُونِهِ مِنْ شَيْءٍ نَحْنُ وَلَا آبَاؤُنَا وَلَا حَرَّمْنَا مِنْ دُونِهِ مِنْ شَيْءٍ ۚ كَذَٰلِكَ فَعَلَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ فَهَلْ عَلَى الرُّسُلِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ
තවද අල්ලාහ් අභිමත කළේ නම් අප හෝ අපගේ මුතුන්මිත්තන් හෝ ඔහු හැර වෙනත් කිසිවකු නොනමදින්නට තිබුණි. එමෙන්ම ඔහුගේ නියෝගයෙන් තොර ව කිසිවක් තහනම් නොකරන්නට තිබුණි යැයි අල්ලාහ්ට ආදේශ කළවුන් පැවසූහ. ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද එලෙසමය. (අපගේ නිවේදනය) පැහැදිලි ව දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් රසූල්වරුන් වෙත වීද?

Choose other languages: