Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #18 Translated in Sinhalese

وَهُوَ الَّذِي سَخَّرَ الْبَحْرَ لِتَأْكُلُوا مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُوا مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
තවද ඔහු වනාහි මහ මුහුද නුඹලා එයින් නැවුම් මස් අනුභව කරනු පිණිස ද නුඹලා පලඳින ආභරණ එයින් ගොඩ ගනු පිණිස ද වසඟ කර දුන්නේය. තවද එහි (රළ) හාන නැව් ද නුඹ දකිනු ඇත. එමෙන්ම ඔහුගේ භාග්‍යය නුඹලා සොයනු පිණිස ද වේ. තවද (එය) නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසය.
وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَأَنْهَارًا وَسُبُلًا لَعَلَّكُمْ تَهْتَدُونَ
තවද එය නුඹලා සමග කම්පනය නොවනු වස් මහපොළොවේ ස්ථීර ව පිහිටන කඳුහෙල් ඔහු හෙළුවේය. තවද ගංගා හා මාර්ග ද (ඇති කළේය). නුඹලා නිසිමග ලැබිය හැකි වනු පිණිස.
وَعَلَامَاتٍ ۚ وَبِالنَّجْمِ هُمْ يَهْتَدُونَ
තවද සලකුණු ද (ඔහු ඇති කළේය) තරු මගින් ඔවුහු නිසිමග දැන ගනු ඇත.
أَفَمَنْ يَخْلُقُ كَمَنْ لَا يَخْلُقُ ۗ أَفَلَا تَذَكَّرُونَ
එහෙයින් මවන්නා නොමවන අය මෙන් වේවීද? නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
وَإِنْ تَعُدُّوا نِعْمَةَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ اللَّهَ لَغَفُورٌ رَحِيمٌ
අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.

Choose other languages: