Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #19 Translated in Sinhalese

وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَأَنْهَارًا وَسُبُلًا لَعَلَّكُمْ تَهْتَدُونَ
තවද එය නුඹලා සමග කම්පනය නොවනු වස් මහපොළොවේ ස්ථීර ව පිහිටන කඳුහෙල් ඔහු හෙළුවේය. තවද ගංගා හා මාර්ග ද (ඇති කළේය). නුඹලා නිසිමග ලැබිය හැකි වනු පිණිස.
وَعَلَامَاتٍ ۚ وَبِالنَّجْمِ هُمْ يَهْتَدُونَ
තවද සලකුණු ද (ඔහු ඇති කළේය) තරු මගින් ඔවුහු නිසිමග දැන ගනු ඇත.
أَفَمَنْ يَخْلُقُ كَمَنْ لَا يَخْلُقُ ۗ أَفَلَا تَذَكَّرُونَ
එහෙයින් මවන්නා නොමවන අය මෙන් වේවීද? නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
وَإِنْ تَعُدُّوا نِعْمَةَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ اللَّهَ لَغَفُورٌ رَحِيمٌ
අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
وَاللَّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ
තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි සිටින දෑ ද අල්ලාහ් දනී.

Choose other languages: