Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #123 Translated in Sinhalese

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُوا السُّوءَ بِجَهَالَةٍ ثُمَّ تَابُوا مِنْ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا إِنَّ رَبَّكَ مِنْ بَعْدِهَا لَغَفُورٌ رَحِيمٌ
පසු ව නියත වශයෙන්ම අනුවන කමින් නපුරක් සිදු කොට ඉන් පසු ව පශ්චාත්තාප වී තමන් හැඩ ගස්වා ගත් අයට නුඹගේ පරමාධිපති සිටී. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඉන් පසු ව පවා අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
إِنَّ إِبْرَاهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِلَّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ الْمُشْرِكِينَ
නියත වශයෙන්ම ඉබ්‍රාහීම් අල්ලාහ්ට අවංක ව අවනත වූ (නායකත්ව) සමූහයක් (මෙන්) විය. තවද ඔහු ආදේශ කරන්නන් අතරින් නොවීය.
شَاكِرًا لِأَنْعُمِهِ ۚ اجْتَبَاهُ وَهَدَاهُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
ඔහුගේ ආශිර්වාද වලට කෘතවේදියකු විය. ඔහු ව ඔහු තෝරා ගෙන ඍජු මාර්ගය වෙත මග පෙන්වීය.
وَآتَيْنَاهُ فِي الدُّنْيَا حَسَنَةً ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ
තවද මෙලොව යහපත අපි ඔහුට පිරිනැමුවෙමු. තවද නියත වශයෙන්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතර වෙයි.
ثُمَّ أَوْحَيْنَا إِلَيْكَ أَنِ اتَّبِعْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۖ وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
පසු ව “නුඹ ඉබ්‍රාහීම්ගේ අවංක වූ පිළිවෙත අනුගමනය කරනු. ඔහු ආදේශ කරන්නන් අතරින් නොවීය” යැයි අපි නුඹ වෙත දේව පණිවිඩ දන්වා සිටියෙමු.

Choose other languages: