Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #124 Translated in Sinhalese

إِنَّ إِبْرَاهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِلَّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ الْمُشْرِكِينَ
නියත වශයෙන්ම ඉබ්‍රාහීම් අල්ලාහ්ට අවංක ව අවනත වූ (නායකත්ව) සමූහයක් (මෙන්) විය. තවද ඔහු ආදේශ කරන්නන් අතරින් නොවීය.
شَاكِرًا لِأَنْعُمِهِ ۚ اجْتَبَاهُ وَهَدَاهُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
ඔහුගේ ආශිර්වාද වලට කෘතවේදියකු විය. ඔහු ව ඔහු තෝරා ගෙන ඍජු මාර්ගය වෙත මග පෙන්වීය.
وَآتَيْنَاهُ فِي الدُّنْيَا حَسَنَةً ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ
තවද මෙලොව යහපත අපි ඔහුට පිරිනැමුවෙමු. තවද නියත වශයෙන්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතර වෙයි.
ثُمَّ أَوْحَيْنَا إِلَيْكَ أَنِ اتَّبِعْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۖ وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
පසු ව “නුඹ ඉබ්‍රාහීම්ගේ අවංක වූ පිළිවෙත අනුගමනය කරනු. ඔහු ආදේශ කරන්නන් අතරින් නොවීය” යැයි අපි නුඹ වෙත දේව පණිවිඩ දන්වා සිටියෙමු.
إِنَّمَا جُعِلَ السَّبْتُ عَلَى الَّذِينَ اخْتَلَفُوا فِيهِ ۚ وَإِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
නියත වශයෙන්ම සෙනසුරාදා දින සීමාව නියම කරනු ලැබුවේ එහි මතභේද ඇති කර ගත්තවුන් කෙරෙහිය. තවද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර තීන්දු කරනු ඇත.

Choose other languages: