Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #87 Translated in Sinhalese

تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا ۚ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ
ඒ මතු ලොව නිවහන මහපොළොවේ උද්දාමය හෝ කලහකාරිත්වය හෝ ප්රිය නොකරන්නන් හට අපි ඇති කළෙමු. අවසානය බිය බැතිමතුන් හටය.
مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِنْهَا ۖ وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَى الَّذِينَ عَمِلُوا السَّيِّئَاتِ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ
කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඊට වඩා උතුම් දෑ ඔහුට ඇත. තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද එසේ නපුරුකම් සිදු කළ අයට ඔවුන් සිදු කරමින් සිටි දෑට මිස ප්‍රතිඵල දෙනු නොලැබේ.
إِنَّ الَّذِي فَرَضَ عَلَيْكَ الْقُرْآنَ لَرَادُّكَ إِلَىٰ مَعَادٍ ۚ قُلْ رَبِّي أَعْلَمُ مَنْ جَاءَ بِالْهُدَىٰ وَمَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ
නියත වශයෙන්ම ඔබ වෙත අල් කුර්ආනය නියම කළ ඔහු ඔබ ව (නැවතත් ඔබ) හැරී ආ ස්ථානයටම ගෙන යනු ඇත. යහමග රැගෙන එන්නා කවුරුන් දැයි ද පැහැදිලි මුළාවෙහි සිටින්නා කවුරුන්දැයි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි (නබිවරය!) පවසන්න.
وَمَا كُنْتَ تَرْجُو أَنْ يُلْقَىٰ إِلَيْكَ الْكِتَابُ إِلَّا رَحْمَةً مِنْ رَبِّكَ ۖ فَلَا تَكُونَنَّ ظَهِيرًا لِلْكَافِرِينَ
තවද ධර්ම ග්‍රන්ථය ඔබ වෙත පහළ කරනු ලැබේ යැයි ඔබ අපේක්ෂා කරමින් නොසිටියෙහිය. එය ඔබගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් මිස වෙනකක් නැත. එහෙයින් ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට උර දෙන්නකු නොවනු.
وَلَا يَصُدُّنَّكَ عَنْ آيَاتِ اللَّهِ بَعْدَ إِذْ أُنْزِلَتْ إِلَيْكَ ۖ وَادْعُ إِلَىٰ رَبِّكَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ
තවද අල්ලාහ්ගේ වදන් ඔබ වෙත පහළ කරනු ලැබුවායින් පසු ව ඒවායින් ඔවුන් ඔබ ව නොවැළැක්විය යුතුයි. තවද ඔබ ඔබේ පරමාධිපති වෙත ඇරයුම් කරනු. තවද ඔබ දේවත්වය ආදේශ කරන්නන් අතරින් නොවනු.

Choose other languages: