Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #11 Translated in Sinhalese

وَأَوْحَيْنَا إِلَىٰ أُمِّ مُوسَىٰ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِي وَلَا تَحْزَنِي ۖ إِنَّا رَادُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَ
තවද ඔහුට කිරි දෙන මෙන් මූසාගේ මවට දේව පණිවිඩ දන්වා සිටියෙමු. ඔබ ඔහු කෙරෙහි බිය වූ විට ඔහුව ගඟට දමනු. තවද ඔබ බිය නොවනු. ඔබ දුක් ද නොවනු. නියත වශයෙන්ම අපි ඔබ වෙත ඔහු නැවත ලබා දෙන්නන් වෙමු. එමෙන්ම අපි ඔහු ධර්ම දූතයින් අතරින් කෙනෙකු බවට පත් කරන්නෝ වෙමු.
فَالْتَقَطَهُ آلُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّا وَحَزَنًا ۗ إِنَّ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا كَانُوا خَاطِئِينَ
ෆිර්අවුන්ගේ නිවැසියන් ඔහුව අරගත්හ. ඔහු ඔවුනට සතුරෙකු හා දුකට හේතුවක් බවට පත් වනු පිණිසය. නියත වශයෙන්ම ෆිර්අවුන් ද හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සේනාවන් ද වැරදි කරන්නන් වූවෝය.
وَقَالَتِ امْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍ لِي وَلَكَ ۖ لَا تَقْتُلُوهُ عَسَىٰ أَنْ يَنْفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا وَهُمْ لَا يَشْعُرُونَ
තවද මට හා ඔබට නෙතට සිසිලකි. නුඹලා ඔහු මරා නොදමනු. ඔහු අපට ප්‍රයෝජනවත් විය හැක. එසේ නැතහොත් ඔහු දරුවකු සේ (හදාවඩා) ගත හැකැයි ෆිර්අවුන්ගේ බිරිය පැවසුවාය. තවද (සිදු වන්නට යන දෑ) ඔවුන් වටහා ගත්තේ නැත.
وَأَصْبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَارِغًا ۖ إِنْ كَادَتْ لَتُبْدِي بِهِ لَوْلَا أَنْ رَبَطْنَا عَلَىٰ قَلْبِهَا لِتَكُونَ مِنَ الْمُؤْمِنِينَ
තවද මූසාගේ මවගේ හදවත හිස් විය. ඇය දේවත්වය විශ්වාස කරන්නියන් අතරින් කෙනකු වනු පිණිස ඇයගේ හදවත අපි ශක්තිමත් නොකළෙමු නම් ඇය ඔහු ගැන හෙළි කරන්නට තිබුණි.
وَقَالَتْ لِأُخْتِهِ قُصِّيهِ ۖ فَبَصُرَتْ بِهِ عَنْ جُنُبٍ وَهُمْ لَا يَشْعُرُونَ
තවද ඔහු පසුපසින් යනු යැයි ඇය ඔහුගේ සහෝදරියට පැවසුවාය. එවිට ඔවුන් නොදැනුවත් ව සිටිය දී (ඔවුන්) අසලින්ම සිට ඔහු පිළිබඳ ඇය විපරම් කළාය.

Choose other languages: