Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #13 Translated in Sinhalese

وَقَالَتِ امْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍ لِي وَلَكَ ۖ لَا تَقْتُلُوهُ عَسَىٰ أَنْ يَنْفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا وَهُمْ لَا يَشْعُرُونَ
තවද මට හා ඔබට නෙතට සිසිලකි. නුඹලා ඔහු මරා නොදමනු. ඔහු අපට ප්‍රයෝජනවත් විය හැක. එසේ නැතහොත් ඔහු දරුවකු සේ (හදාවඩා) ගත හැකැයි ෆිර්අවුන්ගේ බිරිය පැවසුවාය. තවද (සිදු වන්නට යන දෑ) ඔවුන් වටහා ගත්තේ නැත.
وَأَصْبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَارِغًا ۖ إِنْ كَادَتْ لَتُبْدِي بِهِ لَوْلَا أَنْ رَبَطْنَا عَلَىٰ قَلْبِهَا لِتَكُونَ مِنَ الْمُؤْمِنِينَ
තවද මූසාගේ මවගේ හදවත හිස් විය. ඇය දේවත්වය විශ්වාස කරන්නියන් අතරින් කෙනකු වනු පිණිස ඇයගේ හදවත අපි ශක්තිමත් නොකළෙමු නම් ඇය ඔහු ගැන හෙළි කරන්නට තිබුණි.
وَقَالَتْ لِأُخْتِهِ قُصِّيهِ ۖ فَبَصُرَتْ بِهِ عَنْ جُنُبٍ وَهُمْ لَا يَشْعُرُونَ
තවද ඔහු පසුපසින් යනු යැයි ඇය ඔහුගේ සහෝදරියට පැවසුවාය. එවිට ඔවුන් නොදැනුවත් ව සිටිය දී (ඔවුන්) අසලින්ම සිට ඔහු පිළිබඳ ඇය විපරම් කළාය.
وَحَرَّمْنَا عَلَيْهِ الْمَرَاضِعَ مِنْ قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰ أَهْلِ بَيْتٍ يَكْفُلُونَهُ لَكُمْ وَهُمْ لَهُ نَاصِحُونَ
තවද අපි (මවට භාරදීමට) පෙර කිරි දෙන මව්වරුන් ඔහු වෙත තහනම් කළෙමු. එවිට, ඔහු භාරගන්නා නිවැසියන් පිළිබඳ ව මම නුඹලාට දන්වන්නෙම් ද? ඔවුහු ඔහුට සෙත සලසන්නෝ වෙති යැයි ඇය පැවසුවාය.
فَرَدَدْنَاهُ إِلَىٰ أُمِّهِ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
(එලෙස) අපි ඔහුව ඔහුගේ මව වෙතම නැවත භාර දුනිමු. (එබැවින්) ඇයගේ ඇස් පිනා යාමටද ඇය දුක් නොවීමටද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි යැයි ඇය දැන ගැනීමට ද සැලැස්සුවෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.

Choose other languages: