Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #76 Translated in Sinhalese

قُلْ أَرَأَيْتُمْ إِنْ جَعَلَ اللَّهُ عَلَيْكُمُ النَّهَارَ سَرْمَدًا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِلَيْلٍ تَسْكُنُونَ فِيهِ ۖ أَفَلَا تُبْصِرُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත දහවල සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා එහි ගිමන් හරින රාත්‍රිය නුඹලා වෙත නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා අවධානයෙන් බැලිය යුතු නොවේ ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.
وَمِنْ رَحْمَتِهِ جَعَلَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ لِتَسْكُنُوا فِيهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
තවද එහි නුඹලා වාසය කරනු පිණිසත් ඔහුගේ භාග්යයෙන් සොයනු පිණිසත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය තුළින් ඔහු නුඹලාට රාත්‍රිය හා දහවල ඇති කළේය.
وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ
තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේදැ?යි ඔහු විමසයි.
وَنَزَعْنَا مِنْ كُلِّ أُمَّةٍ شَهِيدًا فَقُلْنَا هَاتُوا بُرْهَانَكُمْ فَعَلِمُوا أَنَّ الْحَقَّ لِلَّهِ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ
තවද සෑම සමූහයකින්ම සාක්ෂිකරුවකු අපි වෙන් කර නුඹලාගේ සාධක ගෙන එනුයි අපි පවසන්නෙමු. එවිට නියත වශයෙන්ම සත්යය අල්ලාහ් සතු යැයි ඔවුන් දැන ගනු ඇත. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යයි.
إِنَّ قَارُونَ كَانَ مِنْ قَوْمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيْهِمْ ۖ وَآتَيْنَاهُ مِنَ الْكُنُوزِ مَا إِنَّ مَفَاتِحَهُ لَتَنُوءُ بِالْعُصْبَةِ أُولِي الْقُوَّةِ إِذْ قَالَ لَهُ قَوْمُهُ لَا تَفْرَحْ ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْفَرِحِينَ
නියත වශයෙන්ම කාරූන් මූසාගේ ජනයා අතරින් කෙනෙකු විය. නමුත් ඔහු ඔවුනට එරෙහි ව සීමාව ඉක්මවා කටයුතු කළේය. තවද අපි ඔහුට නිධන් වස්තු පිරිනැමුවෙමු. නියත වශයෙන්ම එහි යතුරු ශක්තිමත් කණ්ඩායමක් විසින් ඉතා අසීරුවෙන් උසුලන්නක් විය. ඔබ උදම් නොවනු යැයි ඔහුගේ ජනයා ඔහුට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම අල්ලාහ් උදම් වන්නන් ප්රිය නොකරයි.

Choose other languages: