Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #63 Translated in Sinhalese

وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ الْقُرَىٰ حَتَّىٰ يَبْعَثَ فِي أُمِّهَا رَسُولًا يَتْلُو عَلَيْهِمْ آيَاتِنَا ۚ وَمَا كُنَّا مُهْلِكِي الْقُرَىٰ إِلَّا وَأَهْلُهَا ظَالِمُونَ
තවද අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වන දූතයකු එහි මව් නගරයට එවන තෙක් ඔබේ පරමාධිපති එම ගම්මානය විනාශ කරන්නකු නොවීය. තවද අපි එහි වැසියන් අපරාධකරුවන් ලෙස සිටිය දී මිස එම ගම්මානය විනාශ කරන්නන් නොවූයෙමු.
وَمَا أُوتِيتُمْ مِنْ شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَزِينَتُهَا ۚ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ ۚ أَفَلَا تَعْقِلُونَ
තවද යමකින් නුඹලාට දෙනු ලැබූ දෑ එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් හා එහි වූ අලංකාරයකි. අල්ලාහ් වෙත ඇති දෑ ශ්‍රේෂ්ඨය. සදා පවතින්නක් ය. නුඹලා වටහා නොගන්නෙහු ද?
أَفَمَنْ وَعَدْنَاهُ وَعْدًا حَسَنًا فَهُوَ لَاقِيهِ كَمَنْ مَتَّعْنَاهُ مَتَاعَ الْحَيَاةِ الدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ الْقِيَامَةِ مِنَ الْمُحْضَرِينَ
අපි යමෙකුට අලංකාර ප්‍රතිඥාවක් දී එය ලබන තැනැත්තා, මෙලොව ජීවිතයේ සම්පත් අපි භුක්ති විඳීමට සලස් වා පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (දඬුවම් ලැබීම පිණිස) ඉදිරිපත් කරනු ලබන තැනැත්තා මෙන් වන්නේ ද?
وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ
තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේදැයි විමසයි.
قَالَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ رَبَّنَا هَٰؤُلَاءِ الَّذِينَ أَغْوَيْنَا أَغْوَيْنَاهُمْ كَمَا غَوَيْنَا ۖ تَبَرَّأْنَا إِلَيْكَ ۖ مَا كَانُوا إِيَّانَا يَعْبُدُونَ
අපගේ පරමාධිපතියාණනි! අපි ඔවුන් නොමග යැව්වෙමු. අප නොමග ගියාක් මෙන්ම අපි ඔවුන්ව ද නොමග යැව්වෙමු. අපි ඉන් මිදී ඔබ වෙත යොමු වූයෙමු. ඔවුහු අපට ගැතිකම් කරන්නෝ නොවූහ යැයි තමන් වෙත ප්‍රකාශය නියම වූ අය පවසයි.

Choose other languages: