Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #66 Translated in Sinhalese

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ
තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේදැයි විමසයි.
قَالَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ رَبَّنَا هَٰؤُلَاءِ الَّذِينَ أَغْوَيْنَا أَغْوَيْنَاهُمْ كَمَا غَوَيْنَا ۖ تَبَرَّأْنَا إِلَيْكَ ۖ مَا كَانُوا إِيَّانَا يَعْبُدُونَ
අපගේ පරමාධිපතියාණනි! අපි ඔවුන් නොමග යැව්වෙමු. අප නොමග ගියාක් මෙන්ම අපි ඔවුන්ව ද නොමග යැව්වෙමු. අපි ඉන් මිදී ඔබ වෙත යොමු වූයෙමු. ඔවුහු අපට ගැතිකම් කරන්නෝ නොවූහ යැයි තමන් වෙත ප්‍රකාශය නියම වූ අය පවසයි.
وَقِيلَ ادْعُوا شُرَكَاءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَرَأَوُا الْعَذَابَ ۚ لَوْ أَنَّهُمْ كَانُوا يَهْتَدُونَ
තවද නුඹලාගේ හවුල්කරුවන් නුඹලා ඇරයුම් කරනු යැයි කියනු ලැබේ. එවිට ඔවුහු ඔවුන් අමතති. නමුත් ඔවුහු ඔවුනට පිළිතුරු නොදෙති. තවද දඬුවම ඔවුහු දකිති. නියත වශයෙන්ම ඔවුහු යහමග ගියවුන් ලෙස සිටියාහු නම්!
وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَا أَجَبْتُمُ الْمُرْسَلِينَ
තවද එදින ඔහු ඔවුන් කැඳවා නුඹලා ධර්ම දූතයින්ට කුමන පිළිතුරක් දුන්නෙහුදැ?යි විමසයි.
فَعَمِيَتْ عَلَيْهِمُ الْأَنْبَاءُ يَوْمَئِذٍ فَهُمْ لَا يَتَسَاءَلُونَ
සිදුවීම් සියල්ල එදින ඔවුන් වෙත සැඟ වී යනු ඇත. එහෙයින් ඔවුහු (ඒ ගැන) එකිනෙකා විමසා නොගනිති.

Choose other languages: