Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #65 Translated in Sinhalese

أَفَمَنْ وَعَدْنَاهُ وَعْدًا حَسَنًا فَهُوَ لَاقِيهِ كَمَنْ مَتَّعْنَاهُ مَتَاعَ الْحَيَاةِ الدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ الْقِيَامَةِ مِنَ الْمُحْضَرِينَ
අපි යමෙකුට අලංකාර ප්‍රතිඥාවක් දී එය ලබන තැනැත්තා, මෙලොව ජීවිතයේ සම්පත් අපි භුක්ති විඳීමට සලස් වා පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (දඬුවම් ලැබීම පිණිස) ඉදිරිපත් කරනු ලබන තැනැත්තා මෙන් වන්නේ ද?
وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ
තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේදැයි විමසයි.
قَالَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ رَبَّنَا هَٰؤُلَاءِ الَّذِينَ أَغْوَيْنَا أَغْوَيْنَاهُمْ كَمَا غَوَيْنَا ۖ تَبَرَّأْنَا إِلَيْكَ ۖ مَا كَانُوا إِيَّانَا يَعْبُدُونَ
අපගේ පරමාධිපතියාණනි! අපි ඔවුන් නොමග යැව්වෙමු. අප නොමග ගියාක් මෙන්ම අපි ඔවුන්ව ද නොමග යැව්වෙමු. අපි ඉන් මිදී ඔබ වෙත යොමු වූයෙමු. ඔවුහු අපට ගැතිකම් කරන්නෝ නොවූහ යැයි තමන් වෙත ප්‍රකාශය නියම වූ අය පවසයි.
وَقِيلَ ادْعُوا شُرَكَاءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَرَأَوُا الْعَذَابَ ۚ لَوْ أَنَّهُمْ كَانُوا يَهْتَدُونَ
තවද නුඹලාගේ හවුල්කරුවන් නුඹලා ඇරයුම් කරනු යැයි කියනු ලැබේ. එවිට ඔවුහු ඔවුන් අමතති. නමුත් ඔවුහු ඔවුනට පිළිතුරු නොදෙති. තවද දඬුවම ඔවුහු දකිති. නියත වශයෙන්ම ඔවුහු යහමග ගියවුන් ලෙස සිටියාහු නම්!
وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَا أَجَبْتُمُ الْمُرْسَلِينَ
තවද එදින ඔහු ඔවුන් කැඳවා නුඹලා ධර්ම දූතයින්ට කුමන පිළිතුරක් දුන්නෙහුදැ?යි විමසයි.

Choose other languages: