Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #69 Translated in Sinhalese

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَا أَجَبْتُمُ الْمُرْسَلِينَ
තවද එදින ඔහු ඔවුන් කැඳවා නුඹලා ධර්ම දූතයින්ට කුමන පිළිතුරක් දුන්නෙහුදැ?යි විමසයි.
فَعَمِيَتْ عَلَيْهِمُ الْأَنْبَاءُ يَوْمَئِذٍ فَهُمْ لَا يَتَسَاءَلُونَ
සිදුවීම් සියල්ල එදින ඔවුන් වෙත සැඟ වී යනු ඇත. එහෙයින් ඔවුහු (ඒ ගැන) එකිනෙකා විමසා නොගනිති.
فَأَمَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَعَسَىٰ أَنْ يَكُونَ مِنَ الْمُفْلِحِينَ
නමුත් පසුතැවිලි වී විශ්වාස කොට යහකම් කළ අය වූ කලී, ඔහු ජයග්රාහකයින් අතරින් වන්නට පුළුවණ.
وَرَبُّكَ يَخْلُقُ مَا يَشَاءُ وَيَخْتَارُ ۗ مَا كَانَ لَهُمُ الْخِيَرَةُ ۚ سُبْحَانَ اللَّهِ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
තවද ඔබේ පරමාධිපති ඔහුට අභිමත දෑ මවන්නේය. ඔහු තෝරා ගන්නේය. තෝරා ගැනීමේ (අයිතිය) ඔවුනට නොමැත. අල්ලාහ් සුවිශුද්ධය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.
وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ
තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නූඹේ පරමාධිපති දන්නේය.

Choose other languages: