Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #71 Translated in Sinhalese

فَأَمَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَعَسَىٰ أَنْ يَكُونَ مِنَ الْمُفْلِحِينَ
නමුත් පසුතැවිලි වී විශ්වාස කොට යහකම් කළ අය වූ කලී, ඔහු ජයග්රාහකයින් අතරින් වන්නට පුළුවණ.
وَرَبُّكَ يَخْلُقُ مَا يَشَاءُ وَيَخْتَارُ ۗ مَا كَانَ لَهُمُ الْخِيَرَةُ ۚ سُبْحَانَ اللَّهِ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
තවද ඔබේ පරමාධිපති ඔහුට අභිමත දෑ මවන්නේය. ඔහු තෝරා ගන්නේය. තෝරා ගැනීමේ (අයිතිය) ඔවුනට නොමැත. අල්ලාහ් සුවිශුද්ධය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.
وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ
තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නූඹේ පරමාධිපති දන්නේය.
وَهُوَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْحَمْدُ فِي الْأُولَىٰ وَالْآخِرَةِ ۖ وَلَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ
තවද ඔහුය අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ආරම්භයේ ද අවසානයේ ද සියලු ප්‍රශංසා ඔහු සතුය. තීන්දුව ද ඔහු සතුය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
قُلْ أَرَأَيْتُمْ إِنْ جَعَلَ اللَّهُ عَلَيْكُمُ اللَّيْلَ سَرْمَدًا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِضِيَاءٍ ۖ أَفَلَا تَسْمَعُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත රාත්‍රිය සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා වෙත ආලෝකය නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා සවන් නොදෙන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.

Choose other languages: