Quran Apps in many lanuages:

Surah Al-Mumtahana Ayahs #6 Translated in Sinhalese

إِنْ يَثْقَفُوكُمْ يَكُونُوا لَكُمْ أَعْدَاءً وَيَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُمْ بِالسُّوءِ وَوَدُّوا لَوْ تَكْفُرُونَ
ඔවුන් නුඹලාව ජයගත්තේ නම් නුඹලාට ඔවුහු සතුරන් වී නපුරකම් කරමින් තම අත් හා තම දිවවල් නුඹලා වෙත දිගු කරනු ඇත. තවද නුඹලා ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.
لَنْ تَنْفَعَكُمْ أَرْحَامُكُمْ وَلَا أَوْلَادُكُمْ ۚ يَوْمَ الْقِيَامَةِ يَفْصِلُ بَيْنَكُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ ඥාතීන් හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. (එදින) ඔහු නුඹලා අතර විනිශ්චය කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَآءُ مِنْكُمْ وَمِمَّا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ أَبَدًا حَتَّىٰ تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُ إِلَّا قَوْلَ إِبْرَاهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَمَا أَمْلِكُ لَكَ مِنَ اللَّهِ مِنْ شَيْءٍ ۖ رَبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ الْمَصِيرُ
ඉබ්රාහීම් හා ඔහු සමග වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින්ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන්ම අපි නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දැයින් ද අපි ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්‍රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහු ව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්රෝධය ඉස්මතු වී ඇත.’ නමුත් ‘මම ඔබ වෙනුවෙන් සමාව අයැදිමි. අල්ලාහ්ගෙන් කිසිවක් (ලබා දීම) මා සතු නැත’ යැයි ඉබ්රාහීම් තම පියාණන්ට කළ ප්‍රකාශය හැර. (අනිකුත් කරුණුවල ආදර්ශයක් ඇත්තේය. තවද ඉබ්රාහීම්) “අපගේ පරමාධිපතියාණනි! ඔබ වෙත අපි (සියල්ල) භාර කළෙමු. තවද ඔබ වෙතම අපි යොමු වූයෙමු. තවද නැවත යොමු වන ස්ථානය ද ඇත්තේ ඔබ වෙතය;
رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا وَاغْفِرْ لَنَا رَبَّنَا ۖ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
“අපගේ පරමාධිපතියාණනි! ප්‍රතික්ෂේප කළවුනට පරීක්ෂණයක් ලෙස අප පත් නොකරනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම නුඹ සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
لَقَدْ كَانَ لَكُمْ فِيهِمْ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ ۚ وَمَنْ يَتَوَلَّ فَإِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
අල්ලාහ් හා මතු ලොව අපේක්ෂා කරන අයට අලංකාර ආදර්ශයක් සැබැවින්ම ඔවුන් තුළ නුඹලාට විය. තවද කවරෙකු පිටුපාන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අවශ්යතාවන්ගෙන් තොරය; ප්‍රශංසාලාභීය.

Choose other languages: