Quran Apps in many lanuages:

Surah Al-Mulk Ayahs #28 Translated in Sinhalese

قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ
නුඹලා මහපොළොවෙහි විසුරුවා හැරියේ ඔහුය. තවද ඔහු වෙතය නුඹලා එක්රැස් කරනු ලබනුයේ යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම පොරොන්දුව (ඉටු කරනු ලබනුයේ) කවදා දැ?යි ඔවුහු ප්‍රශ්න කරති.
قُلْ إِنَّمَا الْعِلْمُ عِنْدَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ
(එයට) නියත වශයෙන්ම (මේ ගැන) දැනුම ඇත්තේ අල්ලාහ් වෙතය. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අනතුරු අඟවන්නෙකු පමණකියි (නබිවරය!) නුඹ පවසනු.
فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ الَّذِينَ كَفَرُوا وَقِيلَ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَدَّعُونَ
එය කිට්ටුවෙන්ම ඔවුන් දකින කල්හි ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණු නරක් වී යයි. තවද මෙය නුඹලා (ඉක්මන් කරන්නැයි) වාද කරමින් සිටි දෑ යැයි එවිට ඔවුනට කියනු ලැබේ.
قُلْ أَرَأَيْتُمْ إِنْ أَهْلَكَنِيَ اللَّهُ وَمَنْ مَعِيَ أَوْ رَحِمَنَا فَمَنْ يُجِيرُ الْكَافِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ
(නබිවරය!) මා හා මා සමග සිටින අය අල්ලාහ් විනාශ කළේ නම් හෝ නැතහොත් අප වෙත ඔහු දයාව දැක් වූයේ නම් හෝ වේදනීය දඬුවමින් ප්‍රතික්ෂේපකයින් ගලවා ගන්නේ කවුරුන් දැයි නුඹලා සිතා බැලුවෙහු දැ?යි (ඔවුන්ගෙන්) විමසනු.

Choose other languages: