Quran Apps in many lanuages:

Surah Al-Mulk Ayahs #29 Translated in Sinhalese

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම පොරොන්දුව (ඉටු කරනු ලබනුයේ) කවදා දැ?යි ඔවුහු ප්‍රශ්න කරති.
قُلْ إِنَّمَا الْعِلْمُ عِنْدَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ
(එයට) නියත වශයෙන්ම (මේ ගැන) දැනුම ඇත්තේ අල්ලාහ් වෙතය. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අනතුරු අඟවන්නෙකු පමණකියි (නබිවරය!) නුඹ පවසනු.
فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ الَّذِينَ كَفَرُوا وَقِيلَ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَدَّعُونَ
එය කිට්ටුවෙන්ම ඔවුන් දකින කල්හි ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණු නරක් වී යයි. තවද මෙය නුඹලා (ඉක්මන් කරන්නැයි) වාද කරමින් සිටි දෑ යැයි එවිට ඔවුනට කියනු ලැබේ.
قُلْ أَرَأَيْتُمْ إِنْ أَهْلَكَنِيَ اللَّهُ وَمَنْ مَعِيَ أَوْ رَحِمَنَا فَمَنْ يُجِيرُ الْكَافِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ
(නබිවරය!) මා හා මා සමග සිටින අය අල්ලාහ් විනාශ කළේ නම් හෝ නැතහොත් අප වෙත ඔහු දයාව දැක් වූයේ නම් හෝ වේදනීය දඬුවමින් ප්‍රතික්ෂේපකයින් ගලවා ගන්නේ කවුරුන් දැයි නුඹලා සිතා බැලුවෙහු දැ?යි (ඔවුන්ගෙන්) විමසනු.
قُلْ هُوَ الرَّحْمَٰنُ آمَنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ
අපිරිමිත දයාන්විතයා ඔහුය. අපි ඔහු ගැන විශ්වාස කළෙමු. තවද ඔහු වෙතම බලාපොරොත්තු තබන්නෙමු. එහෙයින් කවරෙකු ප්‍රකට නොමගෙහි දැයි නුඹලා මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: