Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #75 Translated in Sinhalese

وَحَسِبُوا أَلَّا تَكُونَ فِتْنَةٌ فَعَمُوا وَصَمُّوا ثُمَّ تَابَ اللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا وَصَمُّوا كَثِيرٌ مِنْهُمْ ۚ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ
තමන්ට කිසිදු පිරික්සුමක් නොවනු ඇතැයි ඔවුහු සිතූහ. ඔවුහු අන්ධ වූහ. බිහිරි වූහ. ඉන්පසුව ද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. පසුව ද ඔවුන්ගෙන් වැඩි දෙනා අන්ධ වූහ. බිහිරි වූහ. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ ۖ وَقَالَ الْمَسِيحُ يَا بَنِي إِسْرَائِيلَ اعْبُدُوا اللَّهَ رَبِّي وَرَبَّكُمْ ۖ إِنَّهُ مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ ۖ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ
අල්ලාහ් වන ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින්ම ප්‍රතික්ෂේප කළෝය. ඉස්රාඊල් දරුවනි! මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ්ට නුඹලා ගැතිකම් කරනු යැයි මසීහ් පැවසුවේය. සැබෑ කරුණ නම් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත.
لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ ثَالِثُ ثَلَاثَةٍ ۘ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا إِلَٰهٌ وَاحِدٌ ۚ وَإِنْ لَمْ يَنْتَهُوا عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ
සැබැවින්ම අල්ලාහ් (ත්‍රිත්වය හෙවත් පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයාණන් යන) තිදෙනාගෙන් කෙනෙකි යැයි පැවසූ අය ද ඒක දේවත්වය ප්‍රතික්ෂේප කළෝය. එකම දෙවියන් (අල්ලාහ්) හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔවුන් පවසන දැයින් නොවැළකුණේ නම් ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් නියත වශයෙන්ම අත් වනු ඇත.
أَفَلَا يَتُوبُونَ إِلَى اللَّهِ وَيَسْتَغْفِرُونَهُ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ඔහුගෙන් සමාව ඉල්ලා සිටිය යුතු නොවේ ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
مَا الْمَسِيحُ ابْنُ مَرْيَمَ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ وَأُمُّهُ صِدِّيقَةٌ ۖ كَانَا يَأْكُلَانِ الطَّعَامَ ۗ انْظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الْآيَاتِ ثُمَّ انْظُرْ أَنَّىٰ يُؤْفَكُونَ
මර්යම්ගේ පුත් මසීහ් රසූල්වරයකු මිස නැත. ඔහුට පෙර ද රසූල්වරු(බොහෝ දෙනෙකු) ඉකුත් ව ගොස් ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. දෙදෙනාම ආහාර අනුභව කරන්නන් වූහ. ඔවුනට එම සාධක අපි පැහැදිලි කරනුයේ කෙසේදැ යි අවධානයෙන් බලනු. පසුව ඔවුන් වෙනතකට හැරී යන්නේ කෙසේ දැ යි ද අවධානයෙන් බලනු.

Choose other languages: