Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #120 Translated in Sinhalese

وَإِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ أَأَنْتَ قُلْتَ لِلنَّاسِ اتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيْنِ مِنْ دُونِ اللَّهِ ۖ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِي أَنْ أَقُولَ مَا لَيْسَ لِي بِحَقٍّ ۚ إِنْ كُنْتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ ۚ تَعْلَمُ مَا فِي نَفْسِي وَلَا أَعْلَمُ مَا فِي نَفْسِكَ ۚ إِنَّكَ أَنْتَ عَلَّامُ الْغُيُوبِ
අහෝ මර්යම්ගේ පුත් ඊසා! අල්ලාහ් හැර දමා මා හා මාගේ මව දෙවිවරුන් දෙදෙනකු ලෙස ගන්නැ යි නුඹ ජනයාට පැවසුවෙහිදැ යි අල්ලාහ් විමසූ විට “ඔබ අතිපිවිතුරුය. මට උරුම නොමැති දෙයක් මා පැවසීමට මට නොවීය. මා එය පවසා සිටියෙම් නම් ඔබ එය ගැන දන්නෙහිය. මා තුළ ඇති දෑ ඔබ දන්නෙහිය. ඔබ තුළ ඇති දෑ මම නොදනිමි. සැබැවින්ම ඔබ අදෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥය” යැයි ඔහු පැවසුවේය.
مَا قُلْتُ لَهُمْ إِلَّا مَا أَمَرْتَنِي بِهِ أَنِ اعْبُدُوا اللَّهَ رَبِّي وَرَبَّكُمْ ۚ وَكُنْتُ عَلَيْهِمْ شَهِيدًا مَا دُمْتُ فِيهِمْ ۖ فَلَمَّا تَوَفَّيْتَنِي كُنْتَ أَنْتَ الرَّقِيبَ عَلَيْهِمْ ۚ وَأَنْتَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ
ඔබ නියෝග කළ පරිදි මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ට නැමදුම් කරනු යැයි මිස ඔවුනට මම (වෙන කිසිවක්) නොපැවසුවෙමි. ඔවුන් අතර මා සිටි කල්තාක් ඔවුනට මම සාක්ෂිකරුවකුව සිටියෙමි. නමුත් ඔබ මා අත්පත් කර ගත් කල්හි ඔවුන් කෙරෙහි අධීක්ෂකයා වූයේ ඔබය. තවද ඔබ සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය.
إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ ۖ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
ඔබ ඔවුනට දඬුවම් කරන්නෙහි නම් සැබැවින්ම ඔවුන් ඔබේ ගැත්තන්ය. තවද ඔබ ඔවුනට සමාව දුන්නෙහි නම් සැබැවින්ම ඔබ සර්ව බලධාරී; මහා ප්‍රඥාවන්තය.
قَالَ اللَّهُ هَٰذَا يَوْمُ يَنْفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ ۚ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
සත්‍යවාදීන්ට ඔවුන්ගේ සත්‍යය පල දෙන දිනය මෙය වේ. ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයින් වෙති. අල්ලාහ් ඔවුන් ගැන තෘප්තියට පත් විය. ඔවුහුද ඔහු ගැන තෘප්තියට පත් වූහ. එයයි මහත් වූ ජයග්‍රහණය වනුයේ.
لِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا فِيهِنَّ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අහස්හි ද මිහිතලයෙහි ද ඒවායෙහි ඇති දෑ හි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.

Choose other languages: