Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #104 Translated in Sinhalese

قُلْ لَا يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ ۚ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ
නපුරු දෑ බහුල ව තිබීම නුඹ ව මවිතයට පත් කළ ද නපුරු දෑ හා යහපත් දෑ සමාන නොවන බව (නබිවරය!) නුඹ පවසනු. එබැවින් බුද්ධිමතුනි! නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِنْ تَسْأَلُوا عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَا اللَّهُ عَنْهَا ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ඇතැම් කරුණු පිළිබඳ ව නුඹලා නොවිමසනු. එය නුඹලාට හෙළි වූයේ නම් නුඹලාට හානිදායක වනු ඇත. අල් කුර්ආනය පහළ කරනු ලබන අවස්ථාවේ නුඹලා ඒ ගැන විමසා සිටියෙහු නම් නුඹලාට එය හෙළි වනු ඇත. අල්ලාහ් එ් ගැන නොසලකා හැරියේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; ඉවසිලිවන්තය.
قَدْ سَأَلَهَا قَوْمٌ مِنْ قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا بِهَا كَافِرِينَ
නුඹලාට පෙර වූ ජනයා මේ ගැන විමසා සිටියහ. පසුව ඒ හේතුවෙන් ඔවුහු ප්‍රතික්ෂේප කළවුන් බවට පත් වූහ.
مَا جَعَلَ اللَّهُ مِنْ بَحِيرَةٍ وَلَا سَائِبَةٍ وَلَا وَصِيلَةٍ وَلَا حَامٍ ۙ وَلَٰكِنَّ الَّذِينَ كَفَرُوا يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ ۖ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ
බහීරා (හෙවත් කන් ඉරා දමන ලද ඔටු දෙන) හෝ සාඉබා (හෙවත් ස්වයං ව තම ආහාරය සපයා ගන්නා ඔටු දෙන) හෝ වසීලා (හෙවත් පිළිම වලට භාර කරනු ලැබූ එළුවන්) හෝ හාමි (හෙවත් කිසිදු වැඩක් නොලබා ම අත හැර දමන ලද පිරිමි ඔටුවන්) හෝ (ආගමික කටයුත්තක් බවට) අල්ලාහ් පත් කළේ නැත. නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ය අල්ලාහ් කෙරෙහි (මෙසේ) බොරු ගොතා පවසනුයේ. තවද ඔවුන්ගෙන් බහතරයක් දෙනා වටහා නොගනිති.
وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَىٰ مَا أَنْزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ قَالُوا حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا ۚ أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْلَمُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ
අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්‍රමාණවත් වේ යැයි ඔවුහු පැවසුවෝය. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැන; ඔවුන් යහමඟ ගමන් නොකර සිටියදී (ඔවුහු පිළිපදින්නෝ) ද?

Choose other languages: