Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #85 Translated in Sinhalese

وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ ۚ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا
තවද සත්‍යය පැමිණියේය. අසත්‍යය විනාශ වී ගියේය. නියත වශයෙන්ම අසත්‍යය විනාශ වී යන්නක්ම විය යැයි (නබිවරය) නුඹ පවසනු.
وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا
තවද දේවත්වය විශ්වාස කරන්නන් හට දයාව හා සුවය ඇති දෑ අපි අල් කුර්ආනයෙන් පහළ කරන්නෙමු. නමුත් අපරාධකරුවන්ට අලාභය මිස වෙනත් කිසිවක් එය වැඩි නොකරනු ඇත.
وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَعْرَضَ وَنَأَىٰ بِجَانِبِهِ ۖ وَإِذَا مَسَّهُ الشَّرُّ كَانَ يَئُوسًا
තවද මිනිසාට අපි ආශිර්වාද කළ විට ඔහු පිටුපා ඒ අසලින් හැරී යයි. නමුත් ඔහුට පීඩාවක් ස්පර්ශ වූ විට ඔහු බලාපොරොත්තු සුන් කරගන්නා අයෙකු විය.
قُلْ كُلٌّ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ سَبِيلًا
සෑම කෙනෙකුම තම මාර්ගයට අනුව කටයුතු කරයි. එහෙයින් මාර්ගයෙන් වඩාත් නිවැරදි අය කවුරුන්දැයි නුඹලාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි (නබිවරය) නුඹ පවසනු.
وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ ۖ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلًا
තවද ඔවුහු රූහ් (හෙවත් ප්‍රාණය) පිළිබඳ නුඹගෙන් විමසති. රූහ් (පිළිබඳ දැනුම) මාගේ පරමාධිපතිගේ නියෝගයෙන් වූවකි. තවද දැනුමෙන් නුඹලා වෙත පිරිනමනු ලැබ ඇත්තේ ස්වල්පයක් මිස නැතැයි නුඹ පවසනු.

Choose other languages: