Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #88 Translated in Sinhalese

قُلْ كُلٌّ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ سَبِيلًا
සෑම කෙනෙකුම තම මාර්ගයට අනුව කටයුතු කරයි. එහෙයින් මාර්ගයෙන් වඩාත් නිවැරදි අය කවුරුන්දැයි නුඹලාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි (නබිවරය) නුඹ පවසනු.
وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ ۖ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلًا
තවද ඔවුහු රූහ් (හෙවත් ප්‍රාණය) පිළිබඳ නුඹගෙන් විමසති. රූහ් (පිළිබඳ දැනුම) මාගේ පරමාධිපතිගේ නියෝගයෙන් වූවකි. තවද දැනුමෙන් නුඹලා වෙත පිරිනමනු ලැබ ඇත්තේ ස්වල්පයක් මිස නැතැයි නුඹ පවසනු.
وَلَئِنْ شِئْنَا لَنَذْهَبَنَّ بِالَّذِي أَوْحَيْنَا إِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِ عَلَيْنَا وَكِيلًا
තවද අපි අභිමත කළේ නම් නුඹ වෙත අපි දන්වා සිටි දෑ (නුඹෙන්) ඉවත් කරන්නෙමු. පසු ව නුඹ ඒ සම්බන්ධයෙන් අපට එරෙහි ව කිසිදු භාරකරුවකු නොදකිනු ඇත.
إِلَّا رَحْمَةً مِنْ رَبِّكَ ۚ إِنَّ فَضْلَهُ كَانَ عَلَيْكَ كَبِيرًا
නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාලුභාවයක් ලෙසින් මිස (එය පැවතියේ) නැත. නියත වශයෙන්ම නුඹ වෙත වූ ඔහුගේ භාග්‍යය අතිමහත් විය.
قُلْ لَئِنِ اجْتَمَعَتِ الْإِنْسُ وَالْجِنُّ عَلَىٰ أَنْ يَأْتُوا بِمِثْلِ هَٰذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا
මෙම අල්-කුර්ආනය හා සමාන දෙයක් ගෙන ඒමට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා ඒකරාශී වුව ද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරට උර සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු ගෙන එන්නේ නැත යැයි (නබිවරය) නුඹ පවසනු.

Choose other languages: