Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #91 Translated in Sinhalese

إِلَّا رَحْمَةً مِنْ رَبِّكَ ۚ إِنَّ فَضْلَهُ كَانَ عَلَيْكَ كَبِيرًا
නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාලුභාවයක් ලෙසින් මිස (එය පැවතියේ) නැත. නියත වශයෙන්ම නුඹ වෙත වූ ඔහුගේ භාග්‍යය අතිමහත් විය.
قُلْ لَئِنِ اجْتَمَعَتِ الْإِنْسُ وَالْجِنُّ عَلَىٰ أَنْ يَأْتُوا بِمِثْلِ هَٰذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا
මෙම අල්-කුර්ආනය හා සමාන දෙයක් ගෙන ඒමට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා ඒකරාශී වුව ද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරට උර සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු ගෙන එන්නේ නැත යැයි (නබිවරය) නුඹ පවසනු.
وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَٰذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ فَأَبَىٰ أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا
තවද මෙම අල්-කුර්ආනයෙහි සෑම උපමාවක් තුළින්ම (විවිධ පැතිකඩ වලින්) අපි විස්තර කළෙමු. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස සිටියා මිස (එය) පිළිගත්තේ නැත.
وَقَالُوا لَنْ نُؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ الْأَرْضِ يَنْبُوعًا
තවද මහපොළොවෙන් උල්පතක් අප වෙත නුඹ මතු කර දෙන තෙක් අපි නුඹ ව විශ්වාස නොකරන්නේමය යැයි ඔවුහු පැවසූහ.
أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِنْ نَخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الْأَنْهَارَ خِلَالَهَا تَفْجِيرًا
. නැතහොත් ඉඳි හා මිදි වලින් යුත් උයනක් නුඹට තිබී ඒ අතර ගංගාවන් නුඹ මතු කරන තෙක් හෝ,

Choose other languages: