Quran Apps in many lanuages:

Surah Al-Hijr Ayahs #52 Translated in Sinhalese

لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُمْ مِنْهَا بِمُخْرَجِينَ
එහි ඔවුනට කිසිදු වෙහෙසක් වෙළා නොගනී. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නොවෙති.
نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ
නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බව මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු.
وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ
තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එයමය වේදනීය දඬුවම බව ඔවුනට දන්වා සිටිනු.
وَنَبِّئْهُمْ عَنْ ضَيْفِ إِبْرَاهِيمَ
තවද නුඹ ඉබ්‍රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳ ව ඔවුනට දන්වා සිටිනු.
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ إِنَّا مِنْكُمْ وَجِلُونَ
ඔවුහු ඔහු වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝය. නියත වශයෙන්ම අපි නුඹලා ගැන තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේය.

Choose other languages: