Quran Apps in many lanuages:

Surah Al-Hadid Ayahs #25 Translated in Sinhalese

سَابِقُوا إِلَىٰ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ السَّمَاءِ وَالْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ ۚ ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සමාව වෙත හා ස්වර්ගය වෙත නුඹලා පෙරටුගාමී වනු. එහි ප්‍රමාණය අහසෙහි හා මහ පොළොවෙහි ප්‍රමාණය මෙනි. එය අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුනට සූදානම් කරනු ලැබ ඇත. එය අල්ලාහ්ගේ භාග්‍ය වේ. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යයෙන් යුක්තය.
مَا أَصَابَ مِنْ مُصِيبَةٍ فِي الْأَرْضِ وَلَا فِي أَنْفُسِكُمْ إِلَّا فِي كِتَابٍ مِنْ قَبْلِ أَنْ نَبْرَأَهَا ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ
මහපොළොවෙහි හෝ නුඹලා තුළ හෝ කවර විපතක් සිදු වුවද ඒවා අපි ඇති කිරීමට පෙරම ග්‍රන්ථයේ ලියා තිබීමෙන් මිස නොවීය. නියත වශයෙන්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
لِكَيْلَا تَأْسَوْا عَلَىٰ مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ ۗ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ
නුඹලාට අතපසු වූ දෑ ගැන නුඹලා දුක් නොවනු පිණිසත් ඔහු නුඹලාට පිරි නැමූ දෑ ගැන නුඹලා සතුටින් ඉහවහා නොයනු පිණිසත්ය. තවද පුරසාරම් දොඩන අහංකාර සෑම කෙනෙකුව ම අල්ලාහ් ප්රිය නොකරයි.
الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ ۗ وَمَنْ يَتَوَلَّ فَإِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
ඔවුහු වනාහි මසුරුකම් පාමින්; ජනයාට ද මසුරකම නියම කරන්නන් වෙති. තවද කවරෙකු හෝ (දේව විශ්වාසයෙන්) හැරෙන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් අවශ්යතාවෙන් තොරය; ප්‍රශංසාලාභීය.
لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنْزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ ۖ وَأَنْزَلْنَا الْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اللَّهُ مَنْ يَنْصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِ ۚ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ
සැබැවින්ම අපි අපගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමග එව්වෙමු. තවද ජනයා යුක්තිය ඉටු කරනු පිණිස ඔවුන් සමග ධර්ම ග්‍රන්ථය හා තුලාව ද පහළ කළෙමු. තවද අපි යකඩ පහළ කළෙමු. එහි දැඩි ශක්තිය ද මිනිසුනට ප්‍රයෝජන ද ඇත. තවද අදෘශ්යමාන තත්ත්වයේ තමන් හා තම දූතවරුන්ට උදව් කරනුයේ කවුරුන් දැයි අල්ලාහ් පෙන්වා දෙනු පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් මහා බලවත් ය; සර්ව බලධාරීය.

Choose other languages: