Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #12 Translated in Sinhalese

أَوْ يُلْقَىٰ إِلَيْهِ كَنْزٌ أَوْ تَكُونُ لَهُ جَنَّةٌ يَأْكُلُ مِنْهَا ۚ وَقَالَ الظَّالِمُونَ إِنْ تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَسْحُورًا
එසේ නැතහොත් ඔහු වෙතට නිධානයක් දෙනු ලැබිය යුතු නොවේ ද? එසේත් නැතහොත් ඔහුට උයනක් වී එමගින් අනුභව කළ යුතු නොවේ ද? තවද නුඹලා අනුගමනය කරනුයේ හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස නැතැයි අපරාධකරුවෝ පැවසුවෝය.
انْظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا
(නබිවරය!) ඔවුහු නුඹට උපමා ගෙන හැර පානුයේ කෙසේ දැ?යි නුඹ අධීක්ෂණයෙන් බලනු. ඔවුහු නොමග ගියෝය. එහෙයින් ඔවුහු (යහ) මගක් ලබන්නට හැකියාව නොදරති.
تَبَارَكَ الَّذِي إِنْ شَاءَ جَعَلَ لَكَ خَيْرًا مِنْ ذَٰلِكَ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَيَجْعَلْ لَكَ قُصُورًا
ඔහු (අල්ලාහ්) උත්කෘෂ්ට විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම් මීට වඩා ශ්රේෂ්ඨ දෑ වශයෙන්, ඒවාට යටින් ගංගා ගලා බස්නා උයන් නුඹට තනා දෙන්නටත් තවද ඔහු නුඹට මාලිගාවන් තනා දෙන්නටත් තිබුණි.
بَلْ كَذَّبُوا بِالسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَنْ كَذَّبَ بِالسَّاعَةِ سَعِيرًا
නමුත් ඔවුහු අවසන් හෝරාව පිළිබඳ බොරු කළෝය. තවද අවසන් හෝරාව බොරු කළවුනට අපි ඇවිළෙන නිරා ගින්න සූදානම් කළෙමු.
إِذَا رَأَتْهُمْ مِنْ مَكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظًا وَزَفِيرًا
ඈත ස්ථානයක සිට එය ඔවුන්ව දකින විට එහි බුර බුරා නැගෙන මහා හඬකට ද මහා ඝෝෂාවකට ද ඔවුහු සවන් දෙති.

Choose other languages: