Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #95 Translated in Sinhalese

وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا بِمَا أَنْزَلَ اللَّهُ قَالُوا نُؤْمِنُ بِمَا أُنْزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَاءَهُ وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِمَا مَعَهُمْ ۗ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنْبِيَاءَ اللَّهِ مِنْ قَبْلُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
අල්ලාහ් පහළ කළ දෑ නුඹලා විශ්වාස කරනු යැයි ඔවුන ට පවසනු ලැබූ විට අප වෙත පහළ කරනු ලැබූ දෑ අපි විශ්වාස කරන්නෙමු යැයි ඔවුහු පවසති. එය ට බාහිරින් ඇති දෑ ඔවුහු ප්‍රතික්ෂේප කරති. එය (අල්කුර්ආනය) ඔවුන් සමඟ ඇති දෑ තහවුරු කරන බැවින් මෙය ම සත්‍යය වන්නේය. එබැවින් “නුඹලා විශ්වාස වන්තයින් ව සිටියෙහු නම් මීට පෙර අල්ලාහ් ගේ නබි වරුන් ව ඝාතනය කළේ මන්දැ” යි අසනු.
وَلَقَدْ جَاءَكُمْ مُوسَىٰ بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ
නියත වශයෙන් ම මූසා පැහැදිලි සාධක සමඟ නුඹලා වෙත පැමිණියේ ය. අනතුරු ව නුඹලා ඔහු(ගියා) ට පසු ව වසු පැටවා (නැමදුම ට) ගත්තෙහු ය. තව ද නුඹලා අපරාධකරුවෝම ය.
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاسْمَعُوا ۖ قَالُوا سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ ۚ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
නුඹලා මත තූර් කන්ද ඔසවා නුඹලා අප පිරිනැමූ දෑ බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තව ද සවන් දෙනු යැයි අප නුඹලා ගෙන් ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. (එවිට) ඔවුහු අප සවන් දී පිටුපෑවෙමු යැයි පැවසූහ. ඔවුන් ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් වසු පැටවා (නැමදීම) ඔවුන්ගේ සිත් තුළ පොවනු ලැබීය. “නුඹලා විශ්වාසවන්තයින් නම් නුඹලා ගේ විශ්වාස ය කවර කරුණක් පිළිබඳ නුඹලා ට අණ කරන්නේ ද එය නපුරු විය” යැයි (නබිවරය) පවසනු.
قُلْ إِنْ كَانَتْ لَكُمُ الدَّارُ الْآخِرَةُ عِنْدَ اللَّهِ خَالِصَةً مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ
“අල්ලාහ් අබියස (අන්) ජනයාගෙන් තොර ව, නුඹලා ට පමණක් පරලොව නිවහන හිමි වෙත් නම් (එසේ පවසන දෑ හි) නුඹලා සත්‍යවන්තයින් නම් නුඹලා මරණය ප්‍රිය කරනු.”යැයි (නබිවරය) පවසනු.
وَلَنْ يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
“අල්ලාහ් අබියස (අන්) ජනයාගෙන් තොර ව, නුඹලා ට පමණක් පරලොව නිවහන හිමි වෙත් නම් (එසේ පවසන දෑ හි) නුඹලා සත්‍යවන්තයින් නම් නුඹලා මරණය ප්‍රිය කරනු.”යැයි (නබිවරය) පවසනු.

Choose other languages: