Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #96 Translated in Sinhalese

وَلَقَدْ جَاءَكُمْ مُوسَىٰ بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ
නියත වශයෙන් ම මූසා පැහැදිලි සාධක සමඟ නුඹලා වෙත පැමිණියේ ය. අනතුරු ව නුඹලා ඔහු(ගියා) ට පසු ව වසු පැටවා (නැමදුම ට) ගත්තෙහු ය. තව ද නුඹලා අපරාධකරුවෝම ය.
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاسْمَعُوا ۖ قَالُوا سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ ۚ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
නුඹලා මත තූර් කන්ද ඔසවා නුඹලා අප පිරිනැමූ දෑ බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තව ද සවන් දෙනු යැයි අප නුඹලා ගෙන් ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. (එවිට) ඔවුහු අප සවන් දී පිටුපෑවෙමු යැයි පැවසූහ. ඔවුන් ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් වසු පැටවා (නැමදීම) ඔවුන්ගේ සිත් තුළ පොවනු ලැබීය. “නුඹලා විශ්වාසවන්තයින් නම් නුඹලා ගේ විශ්වාස ය කවර කරුණක් පිළිබඳ නුඹලා ට අණ කරන්නේ ද එය නපුරු විය” යැයි (නබිවරය) පවසනු.
قُلْ إِنْ كَانَتْ لَكُمُ الدَّارُ الْآخِرَةُ عِنْدَ اللَّهِ خَالِصَةً مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ
“අල්ලාහ් අබියස (අන්) ජනයාගෙන් තොර ව, නුඹලා ට පමණක් පරලොව නිවහන හිමි වෙත් නම් (එසේ පවසන දෑ හි) නුඹලා සත්‍යවන්තයින් නම් නුඹලා මරණය ප්‍රිය කරනු.”යැයි (නබිවරය) පවසනු.
وَلَنْ يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
“අල්ලාහ් අබියස (අන්) ජනයාගෙන් තොර ව, නුඹලා ට පමණක් පරලොව නිවහන හිමි වෙත් නම් (එසේ පවසන දෑ හි) නුඹලා සත්‍යවන්තයින් නම් නුඹලා මරණය ප්‍රිය කරනු.”යැයි (නබිවරය) පවසනු.
وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَىٰ حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَكُوا ۚ يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَنْ يُعَمَّرَ ۗ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ
ඔවුන් අන් මිනිසුන්ට වඩා, තව ද (විශේෂයෙන්) ආදේශ කළවුන ට වඩා මෙලොව ජීවිතය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නන් ලෙස නුඹ ඔවුන් ව දකිනු ඇත. ඔවුන්ගෙන් කෙනෙක් තමන් ට වසර දහසක් ආයුෂ දෙනු නොලබන්නේ දැයි ආශා කරයි. නමුත් ඔහු ට ආයුෂ දෙනු ලැබුව ද එම දඬුවමින් ඔහු දුරස්වන්නෙක් නොවෙයි. ඔවුන් කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.

Choose other languages: