Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #92 Translated in Sinhalese

وَقَالُوا قُلُوبُنَا غُلْفٌ ۚ بَلْ لَعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَقَلِيلًا مَا يُؤْمِنُونَ
අප ගේ හදවත් ආවරණය වී ඇතැයි ඔවුහු පැවසූහ. එසේ නොව ඔවුන් ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන ට ශාප කළේය. එහෙයින් (දේව ග්‍රන්ථයේ සඳහන් බොහෝ දෑ අත හැර දමා එයින්) ඔවුන් විශ්වාස කරනු යේ ස්වල්ප ප්‍රමාණයකි.
وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ وَكَانُوا مِنْ قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُوا فَلَمَّا جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ ۚ فَلَعْنَةُ اللَّهِ عَلَى الْكَافِرِينَ
ඔවුන් සමඟ වූ දැය සත්‍ය කරවන ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල් හි ඔවුන් ඊට පෙර සිටියේ ප්‍රතික්ෂේප කළවුන් ට එරෙහි ව ජය පතමිනි. පසු ව ඔවුන් වෙත ඔවුන් දත් දෑ පැමිණි කල් හි ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් දේව ප්‍රතික්ෂේපකයින් කෙරෙහි අල්ලාහ් ගේ ශාපය අත් විය.
بِئْسَمَا اشْتَرَوْا بِهِ أَنْفُسَهُمْ أَنْ يَكْفُرُوا بِمَا أَنْزَلَ اللَّهُ بَغْيًا أَنْ يُنَزِّلَ اللَّهُ مِنْ فَضْلِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ ۖ فَبَاءُوا بِغَضَبٍ عَلَىٰ غَضَبٍ ۚ وَلِلْكَافِرِينَ عَذَابٌ مُهِينٌ
අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කළ අය ට තම භාග්‍යය පහළ කිරීම සම්බන්ධ යෙන් ඊර්ෂ්‍යාවෙන් යුතු ව අල්ලාහ් පහළ කළ දෑ ප්‍රතික්ෂේප කර ඔවුන් ගේ ආත්මාවන් මිල ට ගත් දෑ නපුරු විය. එවිට ඔවුහු කෝපයෙන් කෝපය ට භාජනය වූහ. තව ද (මෙවැනි) දේව ප්‍රතික්ෂේපකයින් ට නින්දා සහගත දඬුවම් ඇත.
وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا بِمَا أَنْزَلَ اللَّهُ قَالُوا نُؤْمِنُ بِمَا أُنْزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَاءَهُ وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِمَا مَعَهُمْ ۗ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنْبِيَاءَ اللَّهِ مِنْ قَبْلُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
අල්ලාහ් පහළ කළ දෑ නුඹලා විශ්වාස කරනු යැයි ඔවුන ට පවසනු ලැබූ විට අප වෙත පහළ කරනු ලැබූ දෑ අපි විශ්වාස කරන්නෙමු යැයි ඔවුහු පවසති. එය ට බාහිරින් ඇති දෑ ඔවුහු ප්‍රතික්ෂේප කරති. එය (අල්කුර්ආනය) ඔවුන් සමඟ ඇති දෑ තහවුරු කරන බැවින් මෙය ම සත්‍යය වන්නේය. එබැවින් “නුඹලා විශ්වාස වන්තයින් ව සිටියෙහු නම් මීට පෙර අල්ලාහ් ගේ නබි වරුන් ව ඝාතනය කළේ මන්දැ” යි අසනු.
وَلَقَدْ جَاءَكُمْ مُوسَىٰ بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ
නියත වශයෙන් ම මූසා පැහැදිලි සාධක සමඟ නුඹලා වෙත පැමිණියේ ය. අනතුරු ව නුඹලා ඔහු(ගියා) ට පසු ව වසු පැටවා (නැමදුම ට) ගත්තෙහු ය. තව ද නුඹලා අපරාධකරුවෝම ය.

Choose other languages: