Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #61 Translated in Sinhalese

وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ وَأَنْزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَىٰ ۖ كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ ۖ وَمَا ظَلَمُونَا وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
තව ද අපි නුඹලා ට වලාකුළින් සෙවණ ලබා දුනිමු. තව ද මන්නු, සල්වා (නම් ආහාර) ද අපි නුඹලා ට පහළ කළෙමු. අප නුඹලා ට ආහාර වශයෙන් ලබා දුන් දැයින් යහපත් දෑ නුඹලා අනුභව කරනු. ඔවුහු අප ට අපරාධ නොකළෝය. නමුත් ඔවුහු තමන්ට ම අපරාධ කර ගනිමින් සිටියෝය.
وَإِذْ قُلْنَا ادْخُلُوا هَٰذِهِ الْقَرْيَةَ فَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُولُوا حِطَّةٌ نَغْفِرْ لَكُمْ خَطَايَاكُمْ ۚ وَسَنَزِيدُ الْمُحْسِنِينَ
නුඹලා මෙම නගරය ට පිවිසෙනු. එහි ඇති දැයින් කැමති දෑ කැමති තැනක අනුභව කරනු. සිරස නමමින් දොරටුවෙන් ඇතුළු වනු. හිත්තතුන් (අප ට සමාව දෙනු මැනව) යැයි පවසනු. නුඹලා ගේ වැරදි වල ට අපි සමාව දෙන්නෙමු. යහ වැඩ කළවුන් ට අපි අධික කරන්නෙමු, යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَنْزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُوا رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ
එවිට අපරාධ කළවුන් ඔවුන ට පවසනු ලැබූ දෑ නොවන වෙනත් වදනක් වෙනස්කර පැවසූහ. එවිට අපරාධ කළවුන් ට ඔවුන් කලහකම් කරමින් සිටි හේතුවෙන් අහසින් ව්‍යසනයක් අපි පහළ කළෙමු.
وَإِذِ اسْتَسْقَىٰ مُوسَىٰ لِقَوْمِهِ فَقُلْنَا اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ ۖ فَانْفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَشْرَبَهُمْ ۖ كُلُوا وَاشْرَبُوا مِنْ رِزْقِ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ
තව ද මූසා තම ජනයා වෙනු වෙන් ජලය පැතූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹ නුඹ ගේ සැරයටියෙන් ගල ට ගසනු යැයි අපි පැවසුවෙමු. එවිට උල්පත් දොළොසක් එයින් පිපිරී මතු විය. සෑම ජන සමූහයක් ම ඔවුන් පානය කළ යුතු ස්ථානය දැන ගත්හ. නුඹලා අල්ලාහ් පිරිනැමූ පෝෂණයෙන් අනුභව කරනු. තව ද පානය කරනු. කලහ කරන්නන් ලෙස මහපොළොවේ සීමාව ඉක්මවා සැරි නොසරනු.
وَإِذْ قُلْتُمْ يَا مُوسَىٰ لَنْ نَصْبِرَ عَلَىٰ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنْبِتُ الْأَرْضُ مِنْ بَقْلِهَا وَقِثَّائِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا ۖ قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَىٰ بِالَّذِي هُوَ خَيْرٌ ۚ اهْبِطُوا مِصْرًا فَإِنَّ لَكُمْ مَا سَأَلْتُمْ ۗ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللَّهِ ۗ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ۗ ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ
අහෝ මූසා! අප ට එකම (ආකාරයේ) ආහාරයක් මත පමණක් ඉවසා සිටිය නොහැක. එබැවින් අපට මහපොළොවෙන් හට ගැන් වන පලා වර්ග, කැකිරි, සුදු ලූනු, පරිප්පු හා ලූනු වැනි දෑ අප වෙනුවෙන් මතු කරන්නැ යි නුඹ ගේ පරමාධිපතිගෙන් අයැද සිටිනු යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු මෙසේ කීය. කවර දෙයක් ශ්‍රේෂ්ඨ ද, ඒ වෙනුව ට කවර දෙයක් පහත් ද එය මාරු කර දෙන මෙන් නුඹලා පතන්නෙහු ද? නුඹලා නගරයක ට ගොඩ බසිනු. එවිට නුඹලා ඉල්ලන දෑ නුඹලා ට හිමි වේ. තව ද ඔවුන් වෙත අවමානය ද දිළිඳුකම ද වෙළා ගනු ලැබීය. අල්ලාහ් ගේ කෝපය ට ලක් වූහ. මෙයට හේතුව ඔවුන් අල්ලාහ් ගේ වදන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් හා යුක්තියෙන් තොර ව නබි වරුන් ව ඝාතනය කරමින් සිටි හේතුවෙනි. එය ඔවුන් පිටු පා සීමාව ඉක්මවා යමින් සිටි හේතුවෙනි.

Choose other languages: