Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #265 Translated in Sinhalese

مَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ ۗ وَاللَّهُ يُضَاعِفُ لِمَنْ يَشَاءُ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට උපමාව බීජයක උපමාව මෙනි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලක ම ධාන්‍ය සියයක් තිබේ. තව ද අල්ලාහ් තමන් අභිමත කරන අයට ගුණ කරයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය, සර්ව ඥානී ය.
الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى ۙ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර පසුව ඔවුන් වියදම් කළ දෑ කියා පෑමෙන් හෝ හිංසා කිරීමෙන් හෝ හඹා නොයන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ වේතනය ඇත. ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුන් දුකට පත්වන්නේ ද නැත.
قَوْلٌ مَعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِنْ صَدَقَةٍ يَتْبَعُهَا أَذًى ۗ وَاللَّهُ غَنِيٌّ حَلِيمٌ
යහ වදන හා සමාව හිංසාව පසුපස හඹා යන දානයට වඩා අති ශ්‍රේෂ්ඨ ය. තව ද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය. සෙනෙහෙවන්ත ය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَىٰ كَالَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا ۖ لَا يَقْدِرُونَ عَلَىٰ شَيْءٍ مِمَّا كَسَبُوا ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
විශ්වාස කළවුනි! අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නොකරන, තම ධනය මිනිසුන්ගේ ප්‍රදර්ශනයට වියදම් කරන අයෙකු මෙන්, නුඹලාගේ දානයන් කියා පෑමෙන් හා හිංසා පමුණුවමින් නිෂ්ඵල කර නොගනු. තවද ඔහු (සිදු කරන වියදම) ට උපමාව පස්වලින් වැසී ඇති මුඩු ගල් පර්වතයක උපමාව ය. එවිට ඒ මත මහා වර්ෂාවක් පතිත වී එය හිස් වූ ගල් තලාවක් බවට අත හැර දැමීය. ඔවුන් ඉපයූ දැයින් කිසිදු යහපතක් (අල්ලාහ්ගෙන්) ලබාගැනීමට ඔවුහු ශක්තිය නොදරන්නෝය. තවද අල්ලාහ් ප්‍රතික්ෂේප කළ ජනයාට මඟ පෙන්වන්නේ නැත.
وَمَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَتَثْبِيتًا مِنْ أَنْفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِنْ لَمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා තම ආත්මය ස්ථාවරවත් කරමින් තම ධන සම්පත වියදම් කරන්නවුනට උපමා ව උස් තැනිතලාවක ඇති උයනක් මෙනි ය. එයට මහා වර්ෂාවක් ඇති විය. එහෙයින් එය එහි අස්වැන්න දෙගුණයක් බැගින් ගෙන ආවේය. නමුත් එසේ එයට මහා වර්ෂාවක් පතිත නොවූව ද සුළු වර්ෂාවක් වුව ද ප්‍රමාණවත් ය. තවද අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.

Choose other languages: