Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #237 Translated in Sinhalese

وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ لِمَنْ أَرَادَ أَنْ يُتِمَّ الرَّضَاعَةَ ۚ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ ۚ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا ۚ لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَهُ بِوَلَدِهِ ۚ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَٰلِكَ ۗ فَإِنْ أَرَادَا فِصَالًا عَنْ تَرَاضٍ مِنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا ۗ وَإِنْ أَرَدْتُمْ أَنْ تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُمْ مَا آتَيْتُمْ بِالْمَعْرُوفِ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
තවද කිරි දීම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කළ අයෙකු වෙනුවෙන් මව්වරු තම දරුවන්ට සම්පූර්ණ දෙවසරක් කිරි පොවන්නෝය. ඔවුන්ගේ පෝෂණයත් ඔවුන්ගේ වස්ත්‍රත් යහ අයුරින් පිරිනැමීම දරුවාගේ පියා සතු වගකීම ය. කිසිඳු ආත්මයක් එහි ශක්තියේ ප්‍රමාණය අනුව මිස පවරනු නොලැබේ. මව තම දරුවා හේතුවෙන් හා දරුවා සතු අය (පියා) තම දරුවා හේතුවෙන් පීඩා කරනු නොලැබේ. මෙලෙස උරුමක්කරුටත් (වගකීම) පැවරේ. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව හා පිළිගැනීම අනුව මව් කිරි නතර කිරීමට අපේක්ෂා කළේ නම් එසේ සිදු කිරීම ඔවුන් දෙදෙනාට වරදක් නැත. නුඹලාගේ දරුවන්ට කිරි පොවා ගැනීමට නුඹලා අපේක්ෂා කළේ නම් නුඹලා යහපත් අයුරින් දෙන දෑ නුඹලා ලබා දී එසේ සිදු කර ගැනීම නුඹලා වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක බව ද නුඹලා දැන ගනු
وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ۖ فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ بِالْمَعْرُوفِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් ගැන වනාහි ඔවුන් (එම බිරියන්) විසින් මාස හතරක් හා (දින) දහයක් ඉද්දා හෙවත් පොරොත්තුවෙහි සිටිය යුතුය. ඔවුන්ගේ කාල අවසානයට ළඟා වූ විට ඔවුන් සම්බන්ධයෙන් යහපත් අයුරින් සිදු කරගන්නා දෑ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය.
وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُمْ بِهِ مِنْ خِطْبَةِ النِّسَاءِ أَوْ أَكْنَنْتُمْ فِي أَنْفُسِكُمْ ۚ عَلِمَ اللَّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَٰكِنْ لَا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّا أَنْ تَقُولُوا قَوْلًا مَعْرُوفًا ۚ وَلَا تَعْزِمُوا عُقْدَةَ النِّكَاحِ حَتَّىٰ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي أَنْفُسِكُمْ فَاحْذَرُوهُ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ
එම කාන්තාවට යම් (විවාහ) යෝජනාවක් නුඹලා ඉදිරිපත් කළ ද නුඹලාගේ හදවත් තුළ නුඹලා (ඔවුන් ගැන අදහසක්) සඟවා ගත්ත ද නුඹලා කෙරෙහි වරදක් නැත. සැබැවින්ම නුඹලා ඔවුන් ගැන මෙනෙහි කරන බව අල්ලාහ් දන්නේය. නමුත් ඔවුන් සමඟ නුඹලා යහ වචනයෙන් කතා කරනවා මිස රහසිගත ව ඔවුනට ප්‍රතිඥාවක් නොදෙනු. එහි නියමිත කාලය නිම වන තෙක් නුඹලා විවාහ ගිවිසුම ස්ථීර නොකරනු. තවද සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ සිත් තුළ ඇති දෑ දන්නේය. එබැවින් නුඹලා ඔහු ගැන ප්‍රවේසම් වෙනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා සෙනෙහෙවන්ත බව නුඹලා දැන ගනු.
لَا جُنَاحَ عَلَيْكُمْ إِنْ طَلَّقْتُمُ النِّسَاءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَرِيضَةً ۚ وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُحْسِنِينَ
නුඹලා ඔවුන් ව ස්පර්ශ නොකර තිබිය දී හෝ ඔවුනට (මහර්) නියමයක් නියම නොකර තිබිය දී හෝ කාන්තාවන් ව නුඹලා දික්කසාද කළෙහු නම් නුඹලා කෙරෙහි වරදක් නැත. තවද ධනවතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද දුප්පතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද (නඩත්තු මුදල් ලබා දී) ඔවුනට භුක්ති විඳීමට සලස්වනු. එය දැහැමියන් කෙරෙහි වූ යුතුකමකි.
وَإِنْ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إِلَّا أَنْ يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ ۚ وَأَنْ تَعْفُوا أَقْرَبُ لِلتَّقْوَىٰ ۚ وَلَا تَنْسَوُا الْفَضْلَ بَيْنَكُمْ ۚ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
ඔවුනට (මහරයෙන්) නියමයක් නුඹලා නියම කර තිබිය දී ඔවුන් ව නුඹලා ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් ව දික්කසාද කළේ නම් එවිට නුඹලා නියම කරන දැයින් අඩක් (ඔවුන් විසින් දිය යුතු)ය. නමුත් ඔවුන් එය අත හැර දැමුවේ නම් හෝ විවාහ ගිවිසුම කවර අයගේ දෑතෙහි ඇත්තේ ද ඔහු එය අත හැර දැමුවේ නම් හෝ මිස. නමුත් නුඹලා එය අත හැර දැමීම බැතිමත්භාවයට ඉතා සමීප ය. නුඹලා අතර පවතින මහිමය අමතක නොකරනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.

Choose other languages: