Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #154 Translated in Sinhalese

وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِي وَلِأُتِمَّ نِعْمَتِي عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ
තවද නුඹ කොතැනක සිට පිට ව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ දේවස්ථානය දෙසට හරවනු. තවද ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර නුඹලාට එරෙහි ව ජනයිනට සාධකයක් නොවනු පිණිස නුඹලා කොතැනක සිටිය ද නුඹලා නුඹලාගේ මුහුණු ඒ දෙසටම හරවනු. නුඹලා ඔවුනට බිය නොවනු. මටම බිය වනු. තවද මම මාගේ දායාදයන් නුඹලාට පරිපූර්ණ කරන්නෙමි. නුඹලා යහ මඟ ලබන්නට හැකිය.
كَمَا أَرْسَلْنَا فِيكُمْ رَسُولًا مِنْكُمْ يَتْلُو عَلَيْكُمْ آيَاتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُعَلِّمُكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ
නුඹලා වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන, නුඹලා ව පිවිතුරු කරන, නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන, නුඹලා නොදැන සිටි දෑ නුඹලාට උගන්වන නුඹලා අතුරින්ම වූ ධර්ම දූතයෙකු නුඹලා වෙත අපි එවා ඇත්තෙමු.
فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ
එබැවින් නුඹලා මා මෙනෙහි කරනු. මම නුඹලා ව මෙනෙහි කරන්නෙමි. නුඹලා මට කෘතඥ වනු. තවද මා ප්‍රතික්ෂේප නොකරනු.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉවසීම හා සලාතය තුළින් උදව් පතනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.
وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ ۚ بَلْ أَحْيَاءٌ وَلَٰكِنْ لَا تَشْعُرُونَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉවසීම හා සලාතය තුළින් උදව් පතනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.

Choose other languages: