Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #156 Translated in Sinhalese

فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ
එබැවින් නුඹලා මා මෙනෙහි කරනු. මම නුඹලා ව මෙනෙහි කරන්නෙමි. නුඹලා මට කෘතඥ වනු. තවද මා ප්‍රතික්ෂේප නොකරනු.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉවසීම හා සලාතය තුළින් උදව් පතනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.
وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ ۚ بَلْ أَحْيَاءٌ وَلَٰكِنْ لَا تَشْعُرُونَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉවසීම හා සලාතය තුළින් උදව් පතනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ ۗ وَبَشِّرِ الصَّابِرِينَ
තවද බියෙන් හෝ සාගින්නෙන් හෝ වස්තුව, ජීවිත හා බවභෝග හිඟ කරමින් හෝ යම් දෙයකින් අපි නුඹලා ව පිරික්සුමට ලක් කරන්නෙමු. (නබිවරය) නුඹ ඉවසිලිවන්තයිනට ශුභාරංචි දන්වනු.
الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
ඔවුහු කවරහු ද යත් යම් අභාග්‍යයක් තමන්ට ඇති වූ විටෙක සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම අපි ඔහු වෙතම නැවත යොමුවන්නන් වෙමු යැයි පවසන්නෝ වෙති.

Choose other languages: