Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #129 Translated in Sinhalese

وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ وَأَمْنًا وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى ۖ وَعَهِدْنَا إِلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَنْ طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ
තවද සිහිපත් කරනු. එම නිවස ( මක්කාවේ පිහිටි කඃබාව) ජනයා ට සක්මන් කරන ස්ථානයක් ලෙස ද, අභයදායී ලෙස ද අපි පත් කළෙමු. තව ද නුඹලා ඉබ්‍රාහීම් ගේ ස්ථානය නැමදුම් ස්ථානයක් ලෙස ගනු. මාගේ නිවස තවාෆ් (කඃබාව වටා ගමන්) කරන්නන් ට ද, ඉඃතිකාෆ් (රැඳී) සිටින්නන් ට ද, රුකූඋ කරන්නන් ට ද, සුජූද් කරන්නන් ට ද පවිත්‍ර කර තබන මෙන් ඉබ්‍රාහීම් හා ඉස්මාඊල් යන දෙදෙනාගෙන් අපි පොරොන්දු ලබා ගත්තෙමු.
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَٰذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُمْ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ قَالَ وَمَنْ كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلًا ثُمَّ أَضْطَرُّهُ إِلَىٰ عَذَابِ النَّارِ ۖ وَبِئْسَ الْمَصِيرُ
“මාගේ පරමාධිපතියාණෙනි, මෙය අභයදායී නගරයක් බවට පත් කරනු මැනව! එහි වැසියන් අතුරින් අල්ලාහ් ව හා පරමාන්ත දිනය ගැන විශ්වාස කළවුන් ට බවභෝග වලින් පෝෂණය කරනු මැනව!” යැයි ඉබ්‍රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු (අල්ලාහ් මෙසේ) පැවසී ය. “තව ද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට මම ස්වල්ප කලක ට ඔහු ට බුක්ති විඳින්න ට ඉඩ හරිමි. පසු ව ඔහු ව මම නිරා ගින්නේ දඬුවම ට යොමු කරන්නෙමි. එම පිවිසුම් ස්ථානය නපුරු විය.
وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا ۖ إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ
ඉබ්‍රාහීම් හා ඉස්මාඊල් (කඃබාව නම්) නිවසේ අත්තිවාරම එස වූ අවස්ථාව සිහිපත් කරනු. “අප ගේ පරමාධිපතියාණෙනි, (අප කළ ක්‍රියාවන්) අපගෙන් පිළි ගනු මැනව! නියත වශයෙන් ම සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ ඔබම ය.”
رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِنْ ذُرِّيَّتِنَا أُمَّةً مُسْلِمَةً لَكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَا ۖ إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ
“අප ගේ පරමාධිපතියාණෙනි, අප ව ඔබ ට අවනත වන (මුස්ලිම්වරුන්) දෙදෙනෙකු බව ට පත් කරනු මැනව! තව ද අප ගේ පරපුරින් ද ඔබ ට අවනත වන සමූහයක් ඇති කරනු මැනව ! අප ගේ (හජ්) වත් පිළිවෙත් අප ට පෙන්වා දෙනු මැනව ! තව ද අප වෙත පාප ක්‍ෂමා ව පිරි නමනු මැනව! සැබැවින් ම අති ක්‍ෂමාශීලී අසමසම කරුණාන්විත වන්නේ ඔබම ය.”
رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ ۚ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
“අප ගේ පරමාධිපතියාණෙනි! තව ද ඔබ ගේ වැකි ඔවුන ට පාරායනය කර පෙන් වන, දේව ග්‍රන්ථය හා ප්‍රඥා ව ඔවුන ට උගන් වන, ඔවුන් ව පිවිතුරු කරන, ඔවුන්ගෙන් ම වූ ධර්ම දූතයෙකු ඔවුන් අතර ට එවනු මැනව! සැබැවින් ම සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත වන්නේ ඔබම ය.” (යනුවෙන් ඉබ්‍රාහීම් නබි තුමා ප්‍රාර්ථනා කළහ.)

Choose other languages: