Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #9 Translated in Sinhalese

7:5
فَمَا كَانَ دَعْوَاهُمْ إِذْ جَاءَهُمْ بَأْسُنَا إِلَّا أَنْ قَالُوا إِنَّا كُنَّا ظَالِمِينَ
තවද අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ "අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු" යැයි පැවසීම මිස ඔවුන්ගේ විලාපය නොවීය.
7:6
فَلَنَسْأَلَنَّ الَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ
එබැවින් කවුරුන් වෙත (ධර්ම දූතවරුන්) එවනු ලැබුවේ ද ඔවුන්ගෙන් සැබැවින්ම අපි විමසන්නෙමු. එමෙන් ම එවනු ලැබූවන්ගෙන් ද අපි විමසන්නෙමු.
7:7
فَلَنَقُصَّنَّ عَلَيْهِمْ بِعِلْمٍ ۖ وَمَا كُنَّا غَائِبِينَ
තවද ඥානාන්විත ව අපි ඔවුනට (ඔවුන් කළ දෑ) විස්තර කරන්නෙමු. තවද අපි (එයින්) සැඟවී සිටින්නන් නොවූයෙමු.
7:8
وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ ۚ فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
තුලනය එදින සැබෑවකි. එබැවින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද ජයග්‍රාහකයෝ ඔවුහුමය.
7:9
وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ بِمَا كَانُوا بِآيَاتِنَا يَظْلِمُونَ
තවද කවරෙකුගේ තුලාවන් බරින් අඩු වූයේ ද ඔවුන් අපගේ වදන් පිළිබඳ ව අසාධාරණ ලෙස ක්‍රියා කළ හේතුවෙන් ඔවුහු ඔවුන්ටම අලාභහානි කර ගත්තෝ වූහ.

Choose other languages: