Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #8 Translated in Sinhalese

7:4
وَكَمْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا فَجَاءَهَا بَأْسُنَا بَيَاتًا أَوْ هُمْ قَائِلُونَ
තවද ගම්මාන කොපමණ ප්‍රමාණයක් අප විනාශ කර ඇත්තෙමු ද? අපගේ දඬුවම ඔවුන් රාත්‍රිය ගත කරමින් සිටිය දී හෝ දහවල් කාලයේ මද නින්දක වැටී සිටියදී ඒ වෙත පැමිණියේය.
7:5
فَمَا كَانَ دَعْوَاهُمْ إِذْ جَاءَهُمْ بَأْسُنَا إِلَّا أَنْ قَالُوا إِنَّا كُنَّا ظَالِمِينَ
තවද අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ "අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු" යැයි පැවසීම මිස ඔවුන්ගේ විලාපය නොවීය.
7:6
فَلَنَسْأَلَنَّ الَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ
එබැවින් කවුරුන් වෙත (ධර්ම දූතවරුන්) එවනු ලැබුවේ ද ඔවුන්ගෙන් සැබැවින්ම අපි විමසන්නෙමු. එමෙන් ම එවනු ලැබූවන්ගෙන් ද අපි විමසන්නෙමු.
7:7
فَلَنَقُصَّنَّ عَلَيْهِمْ بِعِلْمٍ ۖ وَمَا كُنَّا غَائِبِينَ
තවද ඥානාන්විත ව අපි ඔවුනට (ඔවුන් කළ දෑ) විස්තර කරන්නෙමු. තවද අපි (එයින්) සැඟවී සිටින්නන් නොවූයෙමු.
7:8
وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ ۚ فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
තුලනය එදින සැබෑවකි. එබැවින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද ජයග්‍රාහකයෝ ඔවුහුමය.

Choose other languages: