Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #26 Translated in Sinhalese

فَدَلَّاهُمَا بِغُرُورٍ ۚ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ ۖ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَنْ تِلْكُمَا الشَّجَرَةِ وَأَقُلْ لَكُمَا إِنَّ الشَّيْطَانَ لَكُمَا عَدُوٌّ مُبِينٌ
ඔහු රවටාලමින් ඔවුන් දෙදෙනා පහත හෙළීය. එනම් ඔවුන් දෙදෙනා එම ගසින් රස බැලූ කල්හි ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ග උයනේ කොළයකින් ඔවුන් දෙදෙනා මත වසා ගැනීමට ඔවුන් දෙදෙනා තැත් කළෝය. තවද මෙම ගසින් මා නුඹලා දෙදෙනා නොවැළැක්වූයෙම් ද තවද සැබැවින්ම ෂෙයිතාන් නුඹලා දෙදෙනාට ප්‍රකට සතුරෙකි යැයි මම නුඹලා දෙදෙනාට නොකීවෙම් දැයි පවසා ඔවුන් දෙදෙනාගේ පරමාධිපති (අල්ලාහ්) ඔවුන් දෙදෙනා ව ඇමතීය.
قَالَا رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
අපගේ පරමාධිපතියාණනි! අපි අපටම අපරාධ කර ගත්තෙමු. තවද නුඹ අපට සමාව නොදුන්නේ නම් එමෙන්ම නුඹ අපට කරුණා නොකළේ නම් සැබැවින්ම අපි අලාභවන්තයින් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ.
قَالَ اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَىٰ حِينٍ
නුඹලා පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරුය. තවද නුඹලාට නියමිත කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි ඔහු පැවසුවේය.
قَالَ فِيهَا تَحْيَوْنَ وَفِيهَا تَمُوتُونَ وَمِنْهَا تُخْرَجُونَ
එහි නුඹලා ජීවත් වනු ඇත. තවද එහිදී ම නුඹලා මරණයට පත් වනු ඇත. තවද එයින්ම නුඹලා බැහැර කරනු ලබනු ඇත යැයි ඔහු පැවසුවේය.
يَا بَنِي آدَمَ قَدْ أَنْزَلْنَا عَلَيْكُمْ لِبَاسًا يُوَارِي سَوْآتِكُمْ وَرِيشًا ۖ وَلِبَاسُ التَّقْوَىٰ ذَٰلِكَ خَيْرٌ ۚ ذَٰلِكَ مِنْ آيَاتِ اللَّهِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ
ආදම්ගේ දරුවනි! නුඹලාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරන වස්ත්‍ර ද අලංකාරය ද සැබැවින්ම අපි නුඹලා වෙත පහළ කර ඇත්තෙමු. එනමුත් දේව බැතිමත්භාවයේ වස්ත්‍රය වනාහි එයමය ශ්‍රේෂ්ඨ වනුයේ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතරිනි. (මෙමගින්) ජනයා උපදෙස් ලැබිය හැකිය.

Choose other languages: