Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #128 Translated in Sinhalese

لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ ثُمَّ لَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ
නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට කපා හරිමි. පසු ව නුඹලා සියල්ලන් ව කුරුසයේ එල්ලන්නෙමි.
قَالُوا إِنَّا إِلَىٰ رَبِّنَا مُنْقَلِبُونَ
‘නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නෝ වෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.
وَمَا تَنْقِمُ مِنَّا إِلَّا أَنْ آمَنَّا بِآيَاتِ رَبِّنَا لَمَّا جَاءَتْنَا ۚ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَتَوَفَّنَا مُسْلِمِينَ
අපගේ පරමාධිපතිගේ සංඥා අප වෙත පැමිණි කල්හි අපි විශ්වාස කළ බැවින් මිස නුඹ අපගෙන් පළිගන්නේ නැත. අපගේ පරමාධිපතියාණනි! අප වෙත ඉවසීම හෙළනු මැනව! තවද මුස්ලිම්වරුන් බවට අප මරණයට පත් කරනු මැනව!
وَقَالَ الْمَلَأُ مِنْ قَوْمِ فِرْعَوْنَ أَتَذَرُ مُوسَىٰ وَقَوْمَهُ لِيُفْسِدُوا فِي الْأَرْضِ وَيَذَرَكَ وَآلِهَتَكَ ۚ قَالَ سَنُقَتِّلُ أَبْنَاءَهُمْ وَنَسْتَحْيِي نِسَاءَهُمْ وَإِنَّا فَوْقَهُمْ قَاهِرُونَ
තවද මෙම පොළොවේ ඔවුන් කලහකම් කිරීමටත්, ඔබ හා ඔබගේ දෙවිවරුන් අතහැර දැමීමටත් මූසා හා මූසාගේ පිරිස ඔබ අත හැර දමන්නෙහි දැයි ෆිර්අවුන්ගේ පිරිසගෙන් වූ ප්‍රධානීහු විමසා සිටියහ. (එසේනම්) අපි ඔවුන්ගේ පිරිමි දරුවන් ඝාතනය කරමු. ඔවුන්ගේ ගැහැනු දරුවන් පණපිටින් අත හැර දමමු. තවද සැබැවින්ම අපි ඔවුනට ඉහළින් බලය යොදවන්නන් වෙමු යැයි ඔහු පැවසීය.
قَالَ مُوسَىٰ لِقَوْمِهِ اسْتَعِينُوا بِاللَّهِ وَاصْبِرُوا ۖ إِنَّ الْأَرْضَ لِلَّهِ يُورِثُهَا مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ ۖ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ
නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතනු. තවද ඉවසනු. නියත වශයෙන්ම මහපොළොව අල්ලාහ් සතුය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එය උරුම කර දෙනු ඇත. තවද අවසානය දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හටය යැයි මූසා ඔහුගේ පිරිසට පැවසීය.

Choose other languages: