Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #43 Translated in Sinhalese

وَقَارُونَ وَفِرْعَوْنَ وَهَامَانَ ۖ وَلَقَدْ جَاءَهُمْ مُوسَىٰ بِالْبَيِّنَاتِ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ وَمَا كَانُوا سَابِقِينَ
තවද කාරූන් ෆිර්අවුන් හා හාමාන් ද (විනාශ කළෙමු.) සැබැවින්ම මූසා ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන ආවේය. නමුත් ඔවුන් මහපොළොවේ උඩඟුකම් පෑහ. තවද ඔවුන් ජයග්‍රාහකයන් නොවූහ.
فَكُلًّا أَخَذْنَا بِذَنْبِهِ ۖ فَمِنْهُمْ مَنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُمْ مَنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُمْ مَنْ أَغْرَقْنَا ۚ وَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
එසේ සෑම සමූහයක්ම එහි පාපය හේතුවෙන් අපි ග්‍රහණය කළෙමු. ඒ අනුව ඔවුන් අතරින් අප ඒ(සමූහය) වෙත සැඩ සුළං එවූ අය ද වෙති. තවද ඔවුන් අතුරන් මහ හඬ එ(ම සමූහ)ය හසුකරගත් අය ද වෙති. තවද ඔවුන් අතරින් එ(ම සමූහ)ය මහපොළොවට ගිල් වූ අයද වෙති. තවද ඔවුන් අතරින් අප ජලයේ ගිල්වූ අය ද වෙයි. අල්ලාහ් ඔවුනට අපරාධ කිරීමට නොවීය. නමුත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියෝය.
مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِيَاءَ كَمَثَلِ الْعَنْكَبُوتِ اتَّخَذَتْ بَيْتًا ۖ وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنْكَبُوتِ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ
අල්ලාහ් හැර භාරකරුවන් ලෙස ගත්තවුන්ගේ උපමාව නිවසක් තනා ගත් මකුළුවාගේ උපමාව මෙනි. නියත වශයෙන්ම නිවෙස් අතරින් වඩාත් දුර්වල වනුයේ මකුළුවාගේ නිවසයි. ඔවුන් දැන සිටියාහු නම්.
إِنَّ اللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِنْ دُونِهِ مِنْ شَيْءٍ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
නියත වශයෙන්ම ඔහු හැර දමා ඔවුන් කවර දෙයකින් ඇරයුම් කරන්නේ ද ඒ පිළිබඳ ව අල්ලාහ් දනී. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ ۖ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ
තවද එම උපමාවන් අපි ජනයාට ගෙනහැර පාන්නෙමු. ප්‍රඥාව ඇත්තන් හැර වෙනත් කිසිවෙකු එය වටහා නොගනියි.

Choose other languages: